Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජපානයෙන් වැඩම කර වූ බෝධි ශාඛාව රෝපණය කිරීම

ශ්‍රී ලංකාවේ තන්තිරිමලේ රජමහා විහාරයෙන් වැඩමවා ජපානයේ කියොතෝනුවර අගොන්ශූ® විහාරයේ රෝපණය කරවන ලද බෝධීන් වහන්සේ ගෙන් හටගත් අංකුරයක් ඉකුත් අගෝ. 17 වනදා මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. ශ්‍රී ලංකා අගොන්ශූ® මිත්‍රත්ව පදනමේ මෙහෙයවීමෙන් මෙම කාර්යය සිදු වූ අතර බෝධි අංකුරයක් ජපානයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත. මිත්‍රත්වයේ හා සාමයේ සිහිවටනයක් ලෙස මෙම බෝධි අංකුරය ජපානයේ අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියමා ස්වාමීන් වහන්සේ විසින් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමන් වෙත පරිත්‍යාග කරන ලදී. ජපානයේ අගොන්ශු විහාරයේ පැවැති මෙම ඓතිහාසික අවස්ථාවට ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF ) අධ්‍යක්‍ෂ ජනරාල් සෝමසිරි ඒ. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ දූත පිරිසක් සහභාගි වූහ. සැප්.මස 06 වැනි දින පෙ.ව. 10.00 ට රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වලල්ලාවිට ගුලවිට ගලපිටගල පුරාණ විහාරයේදී බෝධිරෝපණ මහෝත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ. මෙම ඓතිහාසික අවස්ථාවට අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අතිගරු පුකුද සෙයිඅ හිමියන් ප්‍රමුඛ විශේෂ ජපන් දූත පිරිසක් ද සහභාගිවීම සුවිශේෂී සිද්ධියකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.