Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නෙත් තැබීමේ පින්කම පෝ දා

අනුරාධපුර, පහමිණියාගම අභිනවාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පුණ්‍යෙීත්සවය බිනර පුන් පොහෝ දින පෙරවරුවේ සිදුකැරේ.

අභිනවාරාමාධිපති කාගම සිරිනන්ද නා හිමියන්ගේ අනුශාසක මත සිදු කරන මෙම උත්සව සභාව උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලෙගම සිරිනිවාස නාහිමි ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලාධිපති මී වැවේ සාරද හිමියන්ද දකුණු පළාත් නාවික හමුදා ආඥාපති කොමදෝරු පී.ඒ.බී.ආර්.පෙරේරා පලාගල ප්‍රාදේශීය ලේකම් පී.සුසන්ත ජයතිලක නිකවැරටිය පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසේන වෙල්ලාවලි පොලිස් ස්ථානාධිපති එච්.ඩබ්ලිව්.කේ. ජයන්ත, අටමස්ථාන කමිටුවේ භාණ්ඩාගාරික රංජිත් ජයසිංහ, ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති සිවිල් ආරක්‍ෂක පුහුණු විදුහලේ ස්ථානභාර නිලධාරී ඇතුළු සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන් ද විශේෂයෙන් සහභාගි වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.