Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වදේශී සමාගමේ සභාපතිනිය වෙත උපහාර

ශ්‍රී ලංකාවේ උරුමයන් සුරැකීම උදෙසා කඳානේ ස්වදේශී කර්මාන්තායතනය දක්වන දායකත්වය වෙනුවෙන් එම සමාගමේ සභාපතිනිය වන අමරි විජයවර්ධන මහත්මිය නොබෝදා උපහාර ලැබුවාය.

කතරගම කිරි වෙහෙරේ පැවැති උත්සවයකදී , කිරි වෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන් සහ කැලණිය විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් විසින් විජයවර්ධන මහත්මිය වෙත මෙම සම්මානය පිළිගන්වනු ලැබූ අවස්ථාව මේ ඡායාරූපයෙන් දැක්වේ.

විජයවර්ධන මහත්මිය ස්වදේශී සමාගමේ සභාපතිනිය වශයෙන් කතරගම කිරි වෙහෙර වසර අටක් පුරා ආලෝකවත් කිරීමට අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාවේ උරුමයන් සුරැකීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් මේ සම්මානය පුදනු ලැබිණ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.