Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මඩිහේ මහ නා හිමි පිළිරුවක් මාතර සිට වැඩම කැරේ

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ගේ පිළිරුවක් බම්බලපිටිය වජිරාරාමයේ ස්ථාපනය කිරීම සඳහා රිය පෙරහරකින් මාතර බෝධි රාජායාණන් වහන්සේ අබියස සිට බම්බලපිටිය වජිරාරාමය දක්වා වැඩම කැරේ. එම රිය පෙරහර සැප්තැම්බර් 2 වන දා ඇරැඹුනු අතර බිනර පෝදා පෙරවරුවේ කළුතර බෝධීන් වහන්සේ අබියසින් පෙරහර ඇරැඹී පස්වරු 4 ට බම්බලපිටිය වජිරාරාමයට වැඩම කෙරේ. එම රිය පෙරහර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නිකායාභිවෘද්ධි දායක සභාව මගින් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.