Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝලියද්දේ මේධානන්ද නා හිමි ගුණ සමරා ලේ දන් දීමක්

බදුල්ල මයිලගස්තැන්න බෝධිරුක්ඛාරාමධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බෝලියද්දේ මේදානන්ද නාහිමිපාණන් වහන්සේගේ දහ වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ලේ දන්දීමේ පින්කම සැප්තැම්බර් මස 04 වැනි දින දවස පුරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

වසරින් වසර ලේ පරිත්‍යාගශීලීන් වැඩි කරගැනීමට විහාරාධිපති වතුපිටියේ ඤාණානන්ද නායක ස්වාමීන් වහන්සේත්, විහාරස්ථ දායක සභාව, මහා ප්‍රජාපතී කාන්තා සමිතිය මහත් කැපවීමක් කර ඇත.

ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉදිරිපත් වීම අගය කරනු සඳහා මෙම වර්ෂයේ බදුල්ල මුතියන්ගන විහාරස්ථානයේදී ඔවුන්ව පිලිගෙන දර්ශණීය පෙරහරකින් මයිලගස්තැන්න විහාරස්ථානයට කැඳවාගෙන යෑමට දායක දායිකාවෝ සංවිධානය වෙමින් සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.