Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව බිනර පොහොය විකාශය

කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැඳුරේ සිට

පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.30 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන වට්ටාරම ධම්මදස්සී හිමි, 10 – 11 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි අනුශාසක හිටපු අග විනිසුරු ධූරන්දර සරත් එන්. සිල්වා මහතා, 11 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම පූජ්‍ය මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 1 මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘත්‍රිම පාද පිරිනැමීම, 1 – 2 ධර්ම දේශනාව, මෙහෙයවීම, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 3.30 සූත්‍ර පිටකය සජ්ඣායනා කිරීම හා සාකච්ඡාව සහභාගීත්වය, පිටිගල ගුණරතන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සඟරුවන 4.30 – 5.30 කෙටි අනූශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.

සද්ධර්ම වර්ෂා ශ්‍රී සද්ධර්ම සජ්ඣායනා

බුදු මුවින් දෙසූ බුදු බණ වස්සානයේ සිට තෙවසරක් පුරා දෙසවනින් අසන්නට භාග්‍ය ඔබටත් උදා වී ඇත. සද්ධර්ම වර්ෂා ශ්‍රී සද්ධර්ම සජ්ඣායනාව ඇසළ පුන්පොහෝදා සිට සෑම මසකම සතර පොහෝ දිනකම ශ්‍රී සම්බෝධි විහාරයේ දී පෙ.ව. 9.00 සිට 2555 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය දක්වා පැවැත්වේ. මෙවර බිනර පොහෝදින සහභාගීත්වය පිටිගල ගුණරතන හිමිපාණන් ඇතුළු මහා සඟරුවන විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.