Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියෙන් ආගමික වැඩසටහන් රැසක්

මාතර තරුණ බෞද්ධ සමිතිය මගින් මෙහෙයවන වාද්දුවේ සිරි දේවමිත්ත හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්මාචාර්ය බන්දුල උදයකුමාර මහතා විසින් පවත්වනු ලබන දම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාව සහිත පිරිතේ බලය පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාව, සතියේ සෑම සිකුරාදා දිනකම සවස 3 ට මාතර තරුණ බෞද්ධ සමිතියේ සීල මැදිරියේ දී පවත්වනු ලැබේ.

භාවනා වැඩසටහන

කම්මට්ඨානාචාරිනී, ජී.චන්ද්‍රා රණතුංග මාතාව මෙහෙයවන සති භාවනා වැඩසටහන , සතියේ සෑම ඉරිදා දිනකම පෙ.ව. 8.30 සිට 11 දක්වා මාතර වෙලේගොඩ සිරිසුදස්සනානන්ද මහා විහාරස්ථ සුදර්ශන තපෝ අරම භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මාතර තරුණ බෞද්ධ සමිතියේ පුන්පෝදා සීල සමාජයේ ප්‍රධාන සංවිධායක කාවින්ධ රාළහාමි මෙහෙයවන බුද්ධ වන්දනාව හා බෝධි පූජාව සතියේ සෑම බදාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30 ට මාතර වෙලේගොඩ පුරාණ මන්තින්දාරාම විහාරයේ දී විහාරාධිකාරි විටියල කුසුමසිරි හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.