Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලංකාතිලක වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

අවුරුදු 800 ක් පමණ පැරැණි ඉතිහාසයක් ඇති මහනුවර, උඩුනුවර, හන්දෙස්ස, ගියාරාපිටියේ පිහිටි ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයේ වාර්ෂික ඇසල පූජා මහෝත්සවය සැප්තැම්බර් දෙවනිදා සිට හය වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.

ගම්පොළ යුගයේ රජකළ 4 වන බුවනෙකබාහු රජු විසින් කරවන ලද අක්කර 2000 කට වඩා වැඩි නින්දගම්වලින්ද සමන්විත ලංකාතිලක රජමහා විහාරය ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අතර මෙම පෙරහර මංගල්‍යය කාන්තා සහභාගිත්වයකින් තොරව, පැරැණි චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනු ලැබේ. මෙවර උඩරට නර්තන සම්ප්‍රදායට අයත් නර්තන කණ්ඩායම් තිහක් හා අලි ඇතුන් සහිතව පවත්වන පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර මෙම 05 වනදින වීථි සංචාරය කිරීමට නියමිත යි. අවසන් රන්දෝලි පෙරහැර 5 වැනිදා රාත්‍රී 8 ට ගමන් ආරම්භ කොට ලංකාතිලක වීදිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණෙයි.

මෙම පෙරහර විහාරාධිපති අමුණුගම රාජගුරු විපස්සී නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාර භාරකරු නීතිඥ ඒ. යූ. පි‍්‍රයන්ත අමුණුගම මහතා විසින් සංවිධානය කොට තිබේ. පසුදින එනම් සැප්තැම්බර් මස 06 වනි දින දහවල් දිය කැපීමේ මංගල්‍යයෙන් දින පහක් මුළුල්ලේ සිදු කැරෙන ලංකාතිලක රජමහා විහාර ඇසළ පෙරහර මංගල්‍යය නිමවීමට නියමිතයි. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ නිලංග දෑල මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි වෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.