Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවාවිල නිකිණි මහා පින්කම

සේරුවාවිල 85 වන වාර්ෂික ලලාඨ ධාතු පූජා නිකිණි මහා පින්කම සහ මහ නාහිමි 25 වන ගුණ සමරුව මෙවරද සේරුවිල මංගල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පා පහසින් පවිත්‍ර වූ උන්වහන්සේගේ ශ්‍රීමත් ලලාඨ ධාතූන් වහන්සේ නිධන්ගත සේරුවාවිල (තිස්මහ වෙහෙර) මහ සෑ රදුන් වහන්සේ අබියස 85 වන වරටත් පැවැත්වෙන ලලාඨ ධාතු පූජා පින්කම අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 04 වන දා දක්වා සිදු කැරේ. 28 දින සිට 02 දින දක්වා සිව් බුදු වන්දනාව සහිත මහා ලලාඨ ධාතු පූජාව, 04 දින පෙ.ව. 06.00 ට අටසිල් අනුශාසනා පෙරවරු 9 ට, ධර්ම දේශනාව හා ධර්ම සාකච්ඡා, 11 බුද්ධ පූජාව පස්වරු 01.00 ට රණවිරු ගුණ සමරු වැඩසටහන, 04.00 ධර්ම දේශනාව හා ධර්ම සාකච්ඡා, 06.30 ට සිව්බුදු වන්දනාව සහිත ලලාඨ ධාතු පූජාව, ලලාඨ ධාතු පූජා මහා පෙරහර රාත්‍රී 09.30 සිට පසුදා පහන්වනතුරු සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වේ. 04 වන දින පවත්වනු ලබන සියලුම ආගමික වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සජීවී ව විසුරුවා හැරේ. 29 වන දින දහවල 100 නමක් උදෙසා සිදු කරන මහා සඟ සතු දානය අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයේන් පිරිනැමේ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.