Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී (මහා පන්සල) පසු ගිය පොසොන් පොහෝ දින විශේෂ වැඩසටහනක් දියත් කරමින්, එම විහාරස්ථානයේ අභිනව අලංකාර ප්‍රදීප ගෘහය සඟ සතු කොට පූජා කැරිණි. ඊට දායකත්වය සඳහා අම්බලන්ගොඩ, පොල්වත්තේ විසූ, අභාවප්‍රාප්ත , වර්ණා ද සිල්වා මහත්මිය සතුව තිබූ ධනය එතුමියගේ ඥාති පිරිස විසින් පුජා කර තිබිණි. ඇල්බට් ද සිල්වා මහතා විසින් එය විවෘත කළ අතර , විහාරාධිපති මොලිගමුවේ ධම්මවිමල නාහිමියන් විසින් ප්‍රදීපය ප්‍රථමයෙන් දල්වන ලද අතර, ඥාති පිරිස සහ දායක සභාව නියෝජනය කරමින් ද පහන් දල්වන ලදී.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.