Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළදාවත්ත මහා විහාරයේ ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය පුරාණ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා 76 වන පූජෝත්සවය නිමිත්තෙන් සිරිත් පරිදි පවත්වනු ලබන තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්මදේශනාව 16 වන ඉරිදා රාත්‍රී පැවැත්වීමෙන් ආරම්භ වූ අතර එම පරිත්‍රාණ ධර්ම දේශනාව 21 වන දින උදෑසන දක්වා පැවැත්වේ.

19 වනදා දවල් දේවදූත මහා පෙරහර පවත්වා එදිම රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව පවත්වනු ලැබේ.

ශ්‍රී දළදා මහා පෙරහර 22 වන ඉරිදා රාත්‍රී 7.00 විහාරස්ථානයෙන් පිටත්වී උඩුගල්ල, මහාවාද්දූව, ගුණතිලක පාර, මොරොන්තුඩුව පාර ඔස්සේ පැමිණ වාද්දූව මන්සන්දියෙන් කොළඹ ගාල්ල ප්‍රධාන පාරට අවතීරණ වී එම මාර්ගය ඔස්සේ පල්ලියමංකඩ, ලෝලුගස්මංකඩ, සුදුවැලිමංකඩ, දිබ්බැද්දපාර, මැද පාර ඔස්සේ ගමන්කර 23 දා අලුයම් කාලයේ දළදාවත්ත මහා විහාරස්ථානයට ගෙවදීමට නියමිත ය.

විහාරාධිපති පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි අනුශාසනා පරිදි එය සිදු කැරෙන බව තල්පිටිය දළදාවත්ත මහා විහාර තරුණ බෞද්ධ සමිතියේ සභාපති බස්නාහිර පළාත් සමාජ සුබ සාධන ළමා හා කාන්තා කටයුතු, පරිවාස දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මහතා කීය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.