Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස්සාන වන්දනා චාරිකාව

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි වෙහෙර වාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ආශීර්වාදාත්මක බෝධිපූජාවක් සහ චතුරාර්ය සත්‍ය ධර්මදේශනාවක් පැවැත්වේ.

රුවන්මැලිසෑරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන දොළොස් මහේ පිරිත් සජ්ඣායනය සිදු කිරීම සඳහා 28 වන දා රාත්‍රී දායකත්වය සැලසීම ද සිදු කැරේ.

දේශකයාණන් වහන්සේලා අතර, ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි වෙහෙරවාසී මහමෙවුනාවේ මංගල හිමි, කාගම අලුත්ගන්තිරියාගම අසෝකාරාමාධිපති හා ශ්‍රී විද්‍යාධාර පරිවේනාධිපති ධම්මකිත්ත හිමියන් ඇතුළු පිරිවෙන්වාසී ස්වාමීන් වහන්සේලා ද බලගල්ල සරස්වතී පිරිවෙන්වාසී පහළගම ධම්මික හිමියන් සහ පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම විහාරවාසී ගල්නෑවේ ධම්මවංස හිමි, අගලඔය ධම්මකුසල හිමි, තලම්මැහැර ධම්මසාර හිමියන්ද වේ.

විසිනව වැනි දින සවස 06.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ආශීර්වාදාත්මක බෝධිපූජාව හා ස්වර්ණමාලී සෑ රදුන් අබියස දී පැවැත්වෙන නොනිදන රැයේ චතුරාර්යසත්‍යය දේශනය (රාත්‍රී. 9.00 සිට)

රාත්‍රී, 9.00 – 10.30 දක්වා දුක්ඛ ආර්ය සත්‍යය, රාත්‍රී 11.00 – 12.30 දක්වා දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, පෙරවරු 1.00 – 2.30 දක්වා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පෙරවරු 3.00 – 4.30 දක්වා දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය

තිස් වැනි දින පෙරවරු 05.30 සිට 06.30 දක්වා ඊතලවැටුන වැවේ ඤාණතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය මහ සෑ රදුන් උදෙසා පැවැත්වෙන කිරි ආහාර පූජාව පැවැත්වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.