Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


ගම්පොළ අම්බුළුවාව - ජෛව විවිධත්ව කේන්ද්‍රය නැරැඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ වන්දනා මානය පිණිස අභිනවයෙන් ඉදිකළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානාහිමියන් විසින් නිරාවරණය කළ අයුරු. වැවිලි කර්මාන්ත අමාත්‍ය දී.මූ. ජයරත්න මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප – උදේනි රාජපක්‍ෂ

හිදෝගම තුරුවිල රජමහා විහාරාධිපති එප්පාවල තිඹිරිවැවේ ශ්‍රී රතනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව සහ ගම්වාසීන් විසින් ඉදි කරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීම පසුගියදා (20) තුරුවිල රජමහා විහාරයේ දී සිදු කැරිණි. කොත් වහන්සේ පැළඳවීම තුරුවිල විමලධම්ම නාහිමියන් විසින් සිදු කරන ලදී. එම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් ද සහභාගි වූහ.
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.