Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙනිපිටිය උඩුකාවේ ජයවික්‍රම මාවතේ පදිංචි දරු දෙදෙනකුගේ පියකු හා පෙදරේරුවකු වන බී.එල්. චමින්ද (28) මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බවත්, “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” ලේ කාණ්ඩයට අයත් වකුගඩුවක් ඔහුට ඉක්මනින් බද්ධ කළ යුතු බවත්, කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා පවසයි.

මෙම ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්‍ෂ 4 ක පමණ මුදලක් වැය වන බවත්, එය සපයා ගැනීමට අපහසු තත්ත්වයක තමන් සිටින බැවින්, පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර පතන බවත්, චමින්ද මහතා පවසයි.

වකුගඩුවක් ලබා දීමට කැමැති අයකු වෙතොත් 072 – 4271496 හෝ 077 – 9760400 දුරකථන අංක වලට හෝ බී.එල්.චමින්ද, ගෙපළෙ ගෙදර, ජයවික්‍රම මාවත, උඩුකාව, දෙනිපිටිය ලිපිනයට ඒ බව දන්වන ලෙසත්, පරිත්‍යාගශීලීන්ගේ ආධාර මාතර උයන්වත්ත මහජන බැංකු ශාඛාවේ අංක 032 – 2 – 001 – 0 – 0010564 දරන ගිණුම වෙත බැර කරන ලෙසත් ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.