Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පින්කම්

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මහා වස් පින්කම් මාලාව මෙසේ ය.

ළමා වැඩසටහන් අගෝස්තු 16 ඉරිදා, සැප්තැම්බර් 13 ඉරිදා, ඔක්තෝම්බර් 11 ඉරිදා, නොවැම්බර් 08 ඉරිදා, දෙසැම්බර් 13 ඉරිදා යන දිනවල (සවස 3 – 5) දක්වා පැවැත්වේ. සතියේ සෑම ඉරු දිනක සිට දින 6 ක් පැවැත්වෙන නේවාසික භාවනා පුහුණු වැඩසටහන ද අගෝස්තු මස 06 දින සිට 11 දින දක්වා දින 06 ක් තුළ උදේ 08.00 සිට සවස 04.30 දක්වා භාවනා වැඩසටහන පැවැත්විණි. ඔක්තෝබර් මස සෑම ඉරු දිනකම උදේ 8 සිට සවස 4 දක්වා දිවයිනේ සුප්‍රසිද්ධ කම්මට්ඨානාචාර්යයන් වහන්සේලා විසින් සිදු කරනු ලබන භාවනා වැඩසටහන ද නොවැම්බර් 1 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද 2 දින පාන්දර කඨින චීවර පෙරහර ද, 2 වන දා මහා නාහිමිවරුන් ප්‍රමුඛ සියක් නමක් විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. කඨිනානිසංස ධර්ම දේශනාව ද, සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.