Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සියඹලාපෙවත්ත චෛත්‍යයේ කොත පැළඳවීම හා නිරාවරණය 6 දා

දෙල්ගොඩ, සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරයේ අභිනව චෛත්‍යරාජයාණන්ගේ කොත් වහන්සේ පැළඳවීම හා කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම 6 දා පෙරවරු 9.00 ට අතුල ලියනගේ මහතා අතින් සිදුවන අතර කොත් වහන්සේ නිරාවරණය කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය වරාගොඩ පේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකෙරේ.

විහාරාධිපති ශාස්ත්‍රවේදී ඉගිනියාගල සාගර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විවිධ පරිත්‍යාගශීලීන්ගේ හා දායක දායිකාවන්ගේ ධනය, ශ්‍රමය හා ද්‍රව්‍ය පරිත්‍යාග උපයෝගී කර ගනිමින් එම චෛත්‍යය හා චෛත්‍ය ප්‍රාකාරය ඉදිකරන ලදී.

මෙම පුණ්‍යමහෝත්සවයට ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයෝ රැසක් සහභාගී වෙති. මේ නිමිත්තෙන් මෙම 01 දා සිට ආරම්භ වූ ජයපිරිත් දේශනා හා බෝධිපූජා මාලාවක් ද පැවැත්වෙන අතර මෙම 6 දා සිට සතියක් චෛත්‍ය වන්දනා පින්කම් මාලාවක් ද පැවැත්වේ. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය ද 06 දා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.