Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 කඳන විහාර මන්දිරය 7 දා විවෘත කැරේ

හොරණ – කඳන ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය හා බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2009 අගෝස්තු මස 07 වන දින පෙ.ව. 10.10ට යෙදී ඇති සුබ මොහොතින් සිදුකිරීමට කටයුතු යොදා තිබේ. මහා විහාරවංශික ශ්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශාස්ත්‍රපති, පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නාහිමියන් ඇතුළු ගිහි පැවිදි ආරාධිතයන් රාශියක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. කඳන පදිංචි පාලිත නාරංගොඩ මැතිතුමා සහ මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් මෙම විහාර මන්දිරය ඉදි කොට ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.