Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ නාලිකාව දෙ වසරක් සපුරයි

බෞද්ධයා රූපවාහිනී නාලිකාව මෙයට දෙවසරකට පෙර කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ සභාපතිත්වයෙන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් ගේ අනුශාසකත්වයෙන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරඹන්නට යෙදිණි.

පසුගියදා එහි දෙවර්ෂ පූර්ණ පුණ්‍ය උත්සවය සහ රණවිරු උපහාර උළෙලක් කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහභාගි වූවාය. එම උත්සවය අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්ඛිත මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ජනාධිපතිතුමන්ට හිමි උපහාර තිළිණය අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්ඛිත මහා නායක මාහිමියන්ගේ සුරතින් ජනපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනියට පිරිනැමූ මොහොත, ඡායාරූපයේ දැක්වේ.

මෙම උත්සවයට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක රාජකීය පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහා නාහිමි, රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත අත්තුඩාවේ රාහුල මහ නාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නාහිමි, අම්බලන්ගොඩ සුමංගල යන මහානාහිමිවරුද, රාමඤ්ඤ නිකායේ අනුනායක මඩිතවෙල මේධංකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ,ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, විද්‍යෝදය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නාහිමි, දිවියා ගහ යසස්සි නාහිමි ,මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමි ,අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමි, අකුරැටියේ නන්ද හිමි යන නාහිමිවරුද සහභාගි වී සිටියහ.

එහිදී සම්බුද්ධත්ව ජයන්තිය දක්වාම සිදුකිරීමට අපේක්ෂා කරන සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය සජ්ඣායනා කොට සාකච්ඡා කිරීමේ ධර්ම සංගායනාව මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නා හිමි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි , ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිවරුන් ආරම්භ කළ අතර එය ඉංගී‍්‍රසි බසට නැගීම හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා විසින් සිදුකරන ලදී. ස්වාමින් වහන්සේලා පනස් නමක් මෙම සජ්ඣායනාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව විහාරස්ථානයේ දායකත්වය දරන ආරක්‍ෂක ප්‍රධානීන්ට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා, එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මැතිතුමා, යන අයට උපහාර පිරිනැමීම අස්ගිරි මාහිමියන් අතින් සිදු කැරිණි.

දෙවසරක් බෞද්ධයා රූපවාහිනී නාලිකාව සාර්ථකව පවත්වාගෙන යෑමට උරදුන් දායක දායිකාවන්ට හා අනුග්‍රාහක භවතුන්ට ජනපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය විසින් උපහාර තිළිණ පිරිනැමීය.

එහිදී නවලෝක ව්‍යාපාරයේ අධිපති එච්.කේ. ධර්මදාස , ඩයලොග් සමාගමේ සභාපති හන්ස් විජේසූරිය , ටෙලිකොම් සමාගමේ සභාපතිනී ලේෂා ද සිල්වා, ටී.එන්.එල්. නාලිකාවේ සභාපති ශාන් වික්‍රමසිංහ, දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර , ලක් දනව් ආයතනයේ අධිපති යූ.ඩී. ජයවර්ධන , ලාෆ් සමාගමේ සභාපති වේගපිටිය යන මහත්ම මහත්මීන් රැසක් උපහාර තිළිණ ලැබූහ.

විහාරස්ථානයේ දායකත්වය දරන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ට රන් ආලේපිත අඩි පහක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා දෙකක් අස්ගිරි මාහිමියන් අතින් පිරිනමන ලදී.

සෑම අටවක හා අමාවක සහ පුරපසළොස්වක පොහොය දිනකම පස්වරු තුනේ සිට හය දක්වා පැවැත්වෙන සද්ධර්ම වර්ෂා සූත්‍ර පිටකය ද, අභිධර්ම පිටකය සජ්ඣායනා පින්කම හා භාවනා වැඩ සටහන ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.