Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොසොන් පොහොය සැමරීම සඳහා ජපානයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය විසින් පසුගිය 14 වන දා හතගයා ගෝතමී විහාරයේ පැවැත්වූ පින්කම් මාලාවේ භක්ති ගීත ගායනය මේ ඡායාරූපයෙන් දැක්වේ. රණවිරුවන්හට පින් පැමිණවීම සඳහා සුමනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් දානමය පින්කමක් ද එහිදී පැවැත්විණ.
අමෝදි රාජකරුණා


පැරැණි සංඝාවාසය  සහ අභිනව සංඝාවාසය
ත්‍රිකුණාමලය මොරවැව මහදිවුල්වැව 1 වන පියවරේ පබ්බතාරාමයේ සංඝාවාසය අභිනවයෙන් ඉදිකැර පසුගිය දා සඟසතු කර පූජා කැරිණි. ව්‍යාපාරික දානපති සරත් දෙහිවත්ත, ජෙසින්තා දෙහිවත්ත, ගයන්ත දෙහිවත්ත, දමිත්ත දෙහිවත්ත, ෂාමිල් දෙහිවත්ත යන මහත්ම මහත්මීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් ඉදි කැරුණු සංඝාවාසය සඟ සතු කැර පූජා කිරීමේ පින්කම ඉකුත් දා ත්‍රිකුණාමලය මහ දිසාපති මේජර් ජෙනරාල් රංජිත් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදු කැරිණි. විහාරාධිපති මහින්දාරම් නුවර සීල ශුද්ධි හිමි, මොරවැව ප්‍රාදේශීය ලේකම් ඉෂාන් විජේතිලක, සරත් දෙහිවත්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ. චිත්‍රාරත්න කළුආරච්චි – හිදෝගම සමූහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.