Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ කප් සිටුවීම 22 දා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහර ජූලි මස 22 වන දා උදේ 09.53 ට යෙදෙන ශුභ මොහොතින් මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.

පෙරහර සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පෙරහර පැවැත්වෙන දිනයන් හා මාර්ග විස්තරය අනුව පළමුවන කුඹල් පෙරහර ජූලි 27 වෙනිදාත් ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු පළමු වන දාත් ආරම්භ කෙරේ. අවසන් රාත්‍රී මහ පෙරහර අගෝස්තු පස්වනද, පැවැත්වෙන අතර දියකැපුම් මංගල්‍ය පෙරහර හයවන දා එළිය වැටෙන්නට සිදුකෙරේ. සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු මස හයවෙනි දින පැවැත්වේ.

දවල් පෙරහර අගෝස්තු මස හයවනදා සවස 2.24 ට අස්ගිරි ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්ව ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් පැදකුණුකර සවස 04.48 ට ගෙවදී.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.