Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර කිරිබත්කුඹුරේ අභිනවයෙන් ඉදිකළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ නාහිමි අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණයේ සම්මන්ත්‍රණ ශාලාව සඟසතු කොට පූජා කිරීමේ උත්සවයට පැමිණ සහභාගි වූ තායිලන්ත තානාපති තිනකෝන් කනපුටා මහතා වෙත සූරිගොඩ නරේන්ද්‍රාරාම විහාරාධිපති වෙරළුගස්හින්නේ ධම්මරතන හිමියන් විසින් සිහිවටන තිළිණයක් පිරිනැමූ අයුරු. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය දී.මු. ජයරත්න, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය - උදේනි රාජපක්‍ෂ

ඇහැලියගොඩ - මාහර පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අනිමිසිලෝචන පූජාව සංකේතවත් කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ඉකුත් දා මහනුවර මල්වතු පාර්ශ්වීය මහා නිකායේ අනු නායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මාහර පුරාණ මහා විහාරාධිපති කුරුවිට කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක අස්ගඟුළේ විමලරතන නා හිමියන්ගේ අදහසකට අනුව උන්වහන්සේගේ මූලිකත්වයෙන් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරන ලදී. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වීය මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දෙහිදෙනියේ රතනසාර නා හිමි, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් වීරසේකර, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තරුණ කටයුතු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, පේෂකර්ම අමාත්‍ය මහින්ද රත්නතිලක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ. ඇහැලියගොඩ සමූහ කිත්සිරි රූපසිංහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.