Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් රජයට, ජනතාවට හා රණවිරුවන්ටත් ආශිර්වාද කිරීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජුනි 12 දා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් හා පසුදින මහා සංඝයා විෂයෙහි දානමය පින්කමක් පවත්වන ලදී. ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි ප්‍රමුඛව විලච්චියේ ධර්ම විජය, රඹුක්වැල්ලේ ධම්මවිජය, පාතකඩ සුමනතිස්ස, විල්ඔයේ විමලජෝති, කරුවලගස්වැව අනුරුද්ධ, ආචාර්ය විජයරාජපුර සීලවංශ, රක්වානේ ඥානසීහ හා සෙවනගල ගිනෝරඝ යන හිමිවරුන් මෙම පින්කමට සහභාගි වී තිබුණේ තානාපති උදයංග වීරතුංග මහතාගේ ආරාධනයෙනි. මෙම අවස්ථාවට රුසියානු විදේශ අමාත්‍යාංශ නිලධාරි, තානාපතිවරයා ඇතුළු සාර්ක් හා සී.අයි. එස්. තානාපති කාර්යාලවල නිලධාරිහුද, මොස්කව් හි වාසය කරන ශ්‍රී ලාංකිකයෝ සහභාගි වී සිටියහ. 52 වසරක ශ්‍රී ලංකා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතිහාසයේ දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ලද පළමු හා විශාලම ආගමික උත්සවය මෙය වේ. මෙම ආගමික උත්සවයට මහා සංඝයාවහන්සේ වැඩමවන ලද්දේ අලංකාර පෙරහරකිනි. ශ්‍රී ලාංකීය ව්‍යපාරික ප්‍රජාව හා ශිෂ්‍යයෝද තානාපති කාර්ය මණ්ඩලය ද ඊට එක්ව සිටියහ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.