Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටියේ පුරාණ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථානයේ දළදා පූජෝත්සව පින්කම්

වාද්දුව තල්පිටිය පුරාණ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථානයේ පවත්වනු ලබන දළදා උපහාර පූජෝත්සව පින්කම් මාලාව මෙවරද 76 වන වරටත් අගෝස්තු මස 16 වන දින සිට 22 වෙනිදා දක්වා පැවැත්වීමට පසුගියදා පැවති විහාරස්ථ තරුණ බෞද්ධ සමිති රැස්වීමේදි තීරණය කැරිණි.

අගෝස්තු මස 16 වෙනිදා රාත්‍රි සිට 21 වන දින උදෑසන දක්වා තිස්පැය හතේ පිරිත් දේශනාවද 19 වන දින පස්වරු 3.00 ට දේවදූත පෙරහරද පවත්වනු ලැබේ.

එදිනම රත්‍රි දොරකඩ අස්න අනුශාසනාව පවත්වා 20 වැනි දින දවල් මහා පෙරහර පවත්වන අතර 21 දින පස්වරු 7.00 විශේෂ ධර්ම දේශනයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

22 දින 76 වන ශ්‍රී දළදා මහා උපහාර පෙරහර රාත්‍රි 7.00 විහාරස්ථානයෙන් පිටත් වී වීථි සංචාරය කර 23 වනදා අලුයම් කාලයෙහි නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් පසු 76 වන ශ්‍රී දළදා පූජෝත්සව පින්කම් මාලාව නිමාවට පත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.