Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම්

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මෙවර වස් පින්කම් මාලාව ඇසළ පුර පොහොයට පසුදින සිට ආරම්භ වේ. එදින සිට ලබන ඔක්තෝබර් මස 03 වෙනි දින දක්වා වූ පුරා තුන්මසක් මුළුල්ලේ, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත ක්‍ෂීරපායසයත්, දවල් ව්‍යාංජන තිස් දෙකකින් යුත් ආහාර බුද්ධ පූජාවත්, පස්වරුවේ තිස් දෙවර්ගයකින් සමන්විත ගිලන්පස බුද්ධ පූජාවත් දිනපතා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අතර බෞද්ධ මණ්ඩල සංඝාවාසයේ වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ වෙත සිව්පසයෙන් උපස්ථාන කිරීමත් සෑම අමාවක හා පසළොස්වක පොහෝ දිනයන්හී පෙහෙවස් සමාදන් වන සැදැහැවතුනට සිරිත් පරිදි හීල් දානය හා දවල් දානය පිරිනැමීමත් බණ භාවනා වැඩසටහන පැවැත්වීමත් එම වස් පින්කම් මාලාවට ඇතුළත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.