Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජනපති ප්‍රමුඛ සැමට තුනුරුවනේ සරණ ලැබේවා!

අධිරාජ්‍යවාදීන් ගිලගන්නා ලද මේ ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීම සඳහාත්, අපේ රට සාමකාමී හා සමෘද්ධිමත් තත්වයට පත් කිරීම සඳහාත්, ජනනායකයන් බිහි කිරීම, පිණිස එක්සිය විසි වසරකටත් වැඩි කාලයක් මුළුල්ලේ ආනන්ද මාතාව සිදු කළ භාරධූර සේවාව ඉතිහාසයෙහි සදානුස්මරණීයව සටහන්ව පවතී. මේ ගමන් මගෙහි අඳුරු හා බියකරු වූ පසුගිය තිස් වසරක් මුළුල්ලේ පැවති කුරිරු ත්‍රස්තවාදය තෙවරසක් වැනි කෙටි කාලයක් තුළ සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ට ප්‍රාතිහාර්යයකින් මෙන් නිම කිරීමට ජිවිත පරිත්‍යාගයෙන් ශක්තිය ලබා දුන් ආරක්ෂක අංශයන්හි නියමුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් ආනන්දීයයන් වීම පිළිබඳව නිහතමානීව, එහෙත් අභිමානයෙන් යුක්තව අපි සිහිපත් කරමු. විජයග්‍රාහි මේ ශ්‍රේෂ්ඨ අවස්ථාව අනුස්මරණය කිරීම පිණිස ආදි ආනන්දීයන් යොදා ඇති වැඩ මාලාවෙන් එකක් වශයෙන් වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද පිණිසත්, දිවිපිදූ රණවිරුවන්ට ආශිර්වාද පිණිසත් ,දිවිපිදූ රණවිරුවන්ට පින්දීම සඳහාත් ,”ආදි ආනන්දීය බෞද්ධ සංගමය “ විසින් මේ ඇසළ පුන් පෝදා දෙස් විදෙස්හි පූජනීය ස්ථානයන්හි, සියයකට අධික ධර්ම දේශනා පැවැත්වීමට සංවිධානය කිරීම මහත් සේ අගය කළ යුතුය. මේ තුළින් ඉදිරියේ අප රටට අවශ්‍ය දේශපාලන ,ආර්ථික , ආගමික ආදි සියලු අංශයන්හි ජයග්‍රහණයන් උදාකර ගැනීමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සැම දෙනාටම තුණුරුවන්ගේ සරණ ලැබේවා යි මේ උතුම් අවස්ථාවේ ප්‍රාර්ථනය කරමි.


අමන්දානන්දයට පත් කරවන සිදුවීමක්

යුරෝපීය ආක්‍රමණයන්ගෙන් පසු අප රටට එල්ල වූ බලවත් ම තර්ජනය වූයේ තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදයයි. අභීතව පෙරට ඒමේ පුරුද්ද හා හැකියාව ඇති ආරක්ෂක අංශයන්හි සහ පොලීසියේ සේවය කරන වීරෝදාර ආනන්ද පුත්‍රයන් අන් අය හා සමඟ එකතුව ජීවිතය පරදුවට තබමින් නොබියව හා නොපැකිලිව දිවා රෑ නොබලා ගෙන ගිය සටන් හේතු කොට ගෙන තෙවරසක් වැනි කෙටි කාලයක් තුළ ඒ කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සාමය ස්ථාපිත කිරිමට හැකිවීම සෑම දෙනාම අමන්දානන්දයට පත් කරවන විස්මිත සිදුවීමකි. ඒ ශ්‍රේෂ්ඨ කාර්යය සිදු කළ ආනන්ද පුත්‍රයන් පිළිගෙන ධර්ම දානමය පින්කමකින් ප්‍රණාමය පුද කිරීමට ආදි ආනන්දීය බෞද්ධ සංගමය ආදි ශිෂ්‍යයන් හා එක්ව කටයුතු යොදා ඇති මේ අවස්ථාවේ ඒ උතුම් කාර්යයන් අගය කරමින් ඒ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමි.
 



ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්

ගෝඨාභය රාජපක්ෂ මහතා


යුද හමුදාපති

ජෙනරාල්

සරත් ෆොන්සේකා මහතා


නාවික හමුදාපති

අද්මිරාල්  

වසන්ත

කරන්නාගොඩ මහතා


සිවිල්
ආරක්‍ෂක
බලකායේ අධ්‍යක්ෂක

සරත්
වීරසේකර මහතා

අතීතයේ සිට ජාතික අවශ්‍යතාවන් සඳහා සැමවිටම පෙරමුණගත් ආනන්දය සහ ආනන්ද මාතාවගේ දරුවන් රටේ මේ සුවිශේෂි වියජග්‍රහණයේදී ද නායකත්වය දී පෙරමුණ ගැනීම ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් සංධිස්ථානයකි. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා, යුද හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, සිවිල් ආරක්ෂක සේවයේ අධ්‍යක්ෂකතුමා සහ සටනේ පෙරමුණගත් බොහෝ සේනාංකාධිපතිවරුන් ආදි ආනන්දීයන් වන නිසා ඔවුන්ට සෙත් පැතීමේ පින්කමක් පැවැත්වේ.

අපගේ දේශය වෙනුවෙන් සටන් කළ සියලු රණවිරුවන්ට ආශිර්වාද කිරීමට සහ දිවි දුන් උදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීම සඳහා මෙම මස 03 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයේදි පවත්වන ලද “ අනඳ විරු හරසර “ උත්සවයට සමගාමීව සිදුකෙරෙන පුළුල් වැඩ මාලාවක සුවිශේෂි කාර්යයක් වශයෙන් දිවයින පුරා සහ විදේශයන්හි පිහිටි 100 කට අධික විහාරස්ථානයන්හි 2009 ජූලි මස 6 ඇසළ පොහෝදා රණවිරු ගුණානුස්මරණ ධර්ම දේශනා පවත්වා ආදි ආනන්දීය බෞද්ධ සංගමය සියලු ආදි ශිෂ්‍යයන් හා එක්ව ධර්ම දානමය පින්කමකින් ප්‍රණාමය පුදකරති.


ධර්ම දේශනා පැවැත්වෙන විහාරස්ථාන කීපයක් මෙසේ ය

එම ධර්ම දේශනා පැවැත්වෙන ස්ථාන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගය - සිතුල්පව්ව රජ මහා විහාරය - ශ්‍රී නාග විහාරය - යාපනය බෙල්ලන්විල රජ මහා විහාරය ඇමෙරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරයේ දී ශාස්ත්‍රපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් විසින්ද, ඉතාලිය මිලානෝ ලංකාරාමයේ දී ශාස්ත්‍රපති උඩුවේ හේමාලෝක හිමියන් විසින් ද, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ශාස්ත්‍රපති පරවාහැර චන්දරතන නාහිමියන් විසින්ද, ඉතාලිය කතානිය සිසිල බෞද්ධ විහාරයේ දී වගේගොඩ සීලානන්ද හිමියන් විසින් ද, ස්විස්ටර්ලන්තයේ ජිනීවා බෞද්ධ මධ්‍යස්ථානයේ දී තවලම ධම්මික නාහිමියන් විසින් ද, ඉතාලිය රෝම බෞද්ධ විහාරයේ දී මොල්ලිගොඩ ධීරානන්ද නාහිමියන් විසින් ද ඉතාලිය මිලානෝහි ලංකාරාමයේ දී ඔලබොඩුවේ ධම්මික හිමියන් විසින් ද, ඉතාලිය නපොළි බෞද්ධ විහාරයේ දී පනන්ගල වජිරඤාණ හිමියන් විසින්ද කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී බෝම්බුවල කල්‍යාණවංශ හිමියන් විසින් ද කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී හීනටියන ඥානවිමල හිමියන් විසින් ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමියන් විසින් ද ඇතුල්කෝට්ටේ මහින්දාරාමයේ දී මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසින් ද, කළුතර බෝධීන් වහන්සේ අබියසදී මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන් විසින්ද කැලණිය රජමහා විහාරයේ දී බෝගහ පිටියේ ධම්මදස්සි හිමියන් විසින් ද, මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ දී දියසෙන්පුර විමල හිමියන් විසින් ද, මරදාන ඕඩේ පන්සලේ දී ශාස්ත්‍රපති මාමඬලේ විමල හිමියන් විසින්ද මරදාන මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ දී පරිවේනාධිපති බළංගොඩ සෝභිත නාහිමියන් විසින්ද, මාතර පොල්හේන පුරාණ මහා විහාරයේ දී ඇහැලපේ යතිරතන හිමියන් විසින් ද, මාතර බෝධීන් වහන්සේ අබියසදී බලංගොඩ ශාන්තසිරි හිමියන් විසින් ද නාරාහේන්පිට අභයාරාමයේ දී ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් විසින් ද නුගේගොඩ ගෝතමී විහාරයේ දී තොටඟ ශාන්ත රක්‍ඛිත හිමියන් විසින්ද පවත්වනු ලැබේ.


ප්‍රණාමය පිදීමට අවස්ථාවක්

අප මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දශක 03 ක් පුරා කළ සටනේ පෙරමුණගත් සියලු රණවිරුවන්ට සෙත්පැතීම සහ ජීවිත පූජාකළ උදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීම සඳහා ධර්ම දානමය පින්කමකින් ප්‍රණාම පුද කිරීමට ආදි ආනන්දීය බෞද්ධ සංගමයට අවස්ථාව ලැබීම පිළිබඳ සංගමයේ සභාපතිවරයා වශයෙන් මම සතුටු වෙමි. උතුම් ඇසළ පුන් පෝදින සියයකට අධික පූජනීය ස්ථාන වල පවත්වනු ලබන ධර්ම දානමය සත්කාරයට දේශීයව හා විදේශීයව ජීවත්වන ආදි ආනන්දීයන් දැක්වු උනන්දුව හා සහභාගිත්වය මහත්සේ අගයමි. මෙම සත්කාරයට අනුග්‍රහය ලබාදුන් බුදුසරණ පුවත්පතට මාගේ කෘතඥතාවය පළකරමි.

 


වමේ සිට දකුණට බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා, බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරු


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.