| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ලොව පැරණිතම සහ 
										විශාලත්වය අතින් තුන්වැනි තැන හිමිවන 
										ස්මාරකය සේ සැලකෙන අනුරාධපුර ජේතවනාරාම 
										මහා සෑය ප්‍රතිසංස්කරණය කොට නැවත ලෝකවාසී 
										ජනතාවගේ වන්දනාමානය සඳහා ජනාධිපති මහින්ද 
										රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) 
										සැන්දෑභාගයේ දී පැවැති පුණ්‍යෙීත්සවයකින් 
										අනතුරුව විවෘත කැරිණි. සියම් මහා නිකායේ 
										අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී 
										බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයාණන් 
										වහන්සේ, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම 
										සිරිනිවාස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ 
										සහ සතර දෙසින් ආ බෞද්ධ බැතිමතුන්ගේ සාධු 
										නාදය මැද චෛත්‍යය නැවැත වන්දනාමානයට විවෘත 
										කැරිණි. දර්ශනීය පෙරහරකින් ජනාධිපතිවරයා 
										පින්කමට සහභාගිවීමට කැඳවාගෙන ආ අතර ශ්‍රී 
										ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවකින් 
										චෛත්‍යයට මල් ඉසිනු ලැබීය. වසර 1700කට පෙර 
										මහසෙන් මහ රජතුමාගේ පාලන සමයේ ඉදිකළ මේ 
										චෛත්‍යය කලක් තිස්සේ වල්බිහිවී තිබුණි. එය 
										නැවැත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ඇරඹියේ 
										වසර 28කට උඩදීය. අද වන විට එම කටයුතු 
										නිමවා අලුතින්ම විදුලි පද්ධතියක්ද මෙහි 
										ස්ථාපිත කොට ජනතා වන්දනාමානයට පත්කිරීම 
										සුවිශේෂ සිද්ධියකි. මේ පුණ්‍යමහෝත්සවයට 
										ජේතවනාරාම විහාරාධිපති ඉහළහල්මිල්ලෑවේ 
										රතනපාල හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද , 
										උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි 
										ප්‍රේමලාල් දිසානායක,අමාත්‍ය වරුන්වන 
										මහින්ද යාපා අබේවර්ධන, දි.මු.ජයරත්න, 
										තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, 
										පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, යන 
										මහත් වරු ද රාජ්‍ය අංශ උසස් නිලධාරීන්, 
										තානාපතිවරු සහ උපාසක උපාසිකාවන් ඇතුළු 
										විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.  
										ඡායාරූපය - සුදත් සිල්වා  | 
								 
								
									
                   
			                   | 
                				 
								
									| 
										 ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතා පසුගියදා මියන්මාර්හි නිල 
										සංචාරයක යෙදිණි. එහිදී ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව 
										මියන්මාර්හි යැන්ගුන්හි ස්වෙදගොන් චෛත්‍යය 
										ද වැඳ පුදා ගත්හ. ජනාධිපතිතුමන්ගේ පුතුන් 
										වන යෝෂිත රාජපක්‍ෂ සහ රෝහිත රාජපක්‍ෂ 
										මහත්වරු ද, ආචාර්ය බෝදාගම චන්දිම නා 
										හිමියෝ ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති 
										නිව්ටන් ගුණරත්න මහතා ද එම අවස්ථාවට 
										සහභාගි වුහ. මියන්මාරයේ නෙපිටෝනි හි 
										පිහිටි පාගෝඩා දාගැබ වැඳ පුදා ගැනීමට ගිය 
										ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති 
										රාජපක්‍ෂ මහත්මිය එම විහාරස්ථානයේ සාමණේර 
										භික්‍ෂූන් වහන්සේට පිරිකර පූජා කළ අයුරු 
										සේයාරුවෙන් දැක්වේ. ඡායාරූපය - සුදත් 
										සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි වස් විසීම
						ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම 
						සබ්‍රහ්මසරුන්වහන්සේ විසින් වර්ෂ 2009 ක් වූ ජූලි මස 06 
						වැනි දින පොහෝ කොට, 2009 ක් වූ ජූලි මස 07 වැනි අඟහරුවාදා 
						පෙර වස් විසිය යුතු ය.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					ඇසළ පුර අටවක පෝය 
					ඇසළ 
					පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි.
					30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.  
					
					
					මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |