Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඌරුගමුව, දන්දෙණිය ‘ඉන්දික’ නිවසේ පදිංචි ඉසුරන්දි නෙත්මිණි නානායක්කාර (06) දැරිය ඇසේ හටගත් පිළිකාවකින් පීඩා විඳියි.

මේ හේතුවෙන් ඇයගේ එක් ඇසක් ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක් වැය වන බවත් විටමින් වර්ග සඳහා ද මසකට මුදල් වැයවන බවත් දැරියගේ පියාවන ඉන්දික නානායක්කාර මහතා පවසයි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සපයාගැනීම තමනට දුෂ්කර බැවින් තම දියණියගේ ඇසේ ප්‍රතිකාර සඳහා ආධාර ලබාදීමට කැමැති පින්වතුන් ලංකා බැංකුව දික්වැල්ල ශාඛාවේ ගිණුම් අංක 9307629 වෙත බැර කරන මෙන් නානායක්කාර මහතා ඉල්ලීමක් කරයි.
 


උඩබුලත්ගම , අඹගමුව, ඉරමුසුතැන්න පදිංචි 43 වියැති ගයනි මංගලිකා නමැති තිදරු මව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඕ, පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 077 - 6334780 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ මව වන චන්ද්‍රා තිලකරත්න මහත්මිය ඉල්ලීමක් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.