Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනමේ අරලිය මල් පූජාව ජූලි 4 වන දා කැලණියේ දී

දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් භූමියේ දී දිවිදුන් රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීම සඳහාත්, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහාත් නායකත්වය දුන් සේනාධිනායක ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා සහ සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමාටත් සියලුම රණවිරුවන්ටත් ආශිර්වාද කිරීම සඳහා විශේෂ ‘අරලිය මල් පූජාවක්’ ජූලි 04 වන සෙනසුරාදා සවස 5.00 ට කැලණිය රජමහා විහාරයේ දී පැවැත්වීමට ‘ශාන්ති පදනම’ කටයුතු යොදා ඇත. එදින උදේ 8.00 සිට ශීල භාවනා වැඩ සටහනක්ද පැවැත්වෙන අතර, අරලිය මල් මාලා වලින් වෙහෙර වහන්සේ සහ බෝධීන් වහන්සේ අලංකාර කිරීමටත් අපේක්‍ෂා කරන බැවින් මේ සඳහා විශාල වශයෙන් අරලිය මල් සපයා ගැනීමට සංවිධායකයෝ අපේක්‍ෂා කරති. මේ උතුම් පුණ්‍ය කටයුත්ත පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 2699561 ට අමතා දැනගත හැකි ය. ජූලි 04 වැනි දා සවස 3.00 ට පෙර මල් කැලණි විහාරයට ගෙන ගොස් භාර දෙන ලෙස ශාන්ති පදනම ඉල්ලා සිටී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.