ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි වස් විසීම
			
			 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම සබ්‍රහ්මසරුන්වහන්සේ විසින් 
			වර්ෂ 2009 ක් වූ ජූලි මස 06 වැනි දින පොහෝ කොට, 2009 ක් වූ ජූලි මස 07 
			වැනි අඟහරුවාදා පෙර වස් විසිය යුතු ය. නොවැලැක්විය හේතුවක් නිසා පෙර 
			වස් විසිය නොහැකි වුවහොත් අගෝස්තු මස 06 වැනි බ්‍රහස්පතින්දා පසු වස් 
			විසිය යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා 
			සද්ධම්මජෝතිකාධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ 
			නිකායේ වස් විසීමේ නිවේදනයෙහි සඳහන් කර තිබේ. ඔක්තෝබර් මස 03 පෙර වස් 
			පවාරණය කළ යුතු බවද නොවැම්බර් මස 02 දින පසු වස් පවාරණය කළ යුතු යැයි ද 
			එම වස් විසීමේ නිවේදනයෙහි සඳහන් වෙයි.  |