Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර නිකායේ (අමරපුර පාර්ශ්වයේ)  උපසම්පදාව 27 දා

අමරපුර නිකායේ (අමරපුර පාර්ශ්වයේ) වාර්ෂික උපසම්පදාව අමරපුර නිකායේ මහානායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත අම්බලම්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරාසන්න අත්තනගලු ඔය නදී සීමාමාලකයෙහිදී ජූනි 27 වන දින පැවැත්වේ. පස්වරු 2 ට ආරම්භ කෙරෙන උත්සව මහා සභාවට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය, පණ්ඩු බණ්ඩාරනායක මහතා, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, කටාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වනිගරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වෙති.

කුරිරු ත්‍රස්තවාදය නිසා පරලොව සැපත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා ඇතුළු ජනනායකයන්ට සහ රණවිරුවන්ට පින් පිණිස ශතාධික මහා සංඝගත දක්‍ෂිණාවක්ද එදින පැවැත්වේ. පස්වරු 1.00 ට දර්ශනීය පෙරහරකින් උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා සුබෝධාරාම විහාරස්ථානයේ නදී සීමා මාලකයට වැඩම කරවන බව අමරපුර නිකායේ (අමරපුර පාර්ශ්වයේ ) මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නාහිමියෝ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.