Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දීප ව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනමෙන් කැලණි විහාරයේ දී සෙත් පතා පින්කම් 28 දා

කැලණිය මහ සෑ රදුන් වෙත පිදෙන අලංකෘත දීප දස්සන සවැනි මහා පින්කම ජූනි 28 දින දවස පුරා අතිගරු ජනාධිපතිතුමාටත්, රජයටත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන්ටත්, සාමය අගයන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෙත් පතමින් එම පින්කම පැවැත්වෙනුයේ ‘ගෙදරට පන්සිල් - ගමට පන්සිල්’ තේමාව යටතේ තිස් වසරක් තිස්සේ පැවති මිලේච්ඡ යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ට පින් පැමිණවීම හා රටට සාමය හා සෞභාග්‍ය උදාවීම සඳහා ය.

පින්කම සාර්ථක කරගැනීම වසර 22 ක් මුළුල්ලේ ජනාධිපතිතුමන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු වූ බවද මෙවරද මෙම මහා පින්කම ඓතිහාසික කැලණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී දස දහසකගේ සහභාගීත්වයෙන් ජූනි 28 වන දින දවස පුරා අත්‍යාලංකාරයෙන් සිදුකිරීමට දීප ව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනම බලාපොරොත්තු වන බවද එම පදනමේ සභාපති වෛද්‍ය සමරසේන ඩයස් මහතා කියයි.

දාන ශීල භාවනාමය වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, තෙසැත්තෑඥාන පූජා, චෛත්‍ය රාජයාණන් වෙත කෙරෙන විදුලි ආලෝක පූජාව හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා ආදිය විශේෂිත සිදුවීම් වේ. තවද ධජ පතාක පූජාව, ජාතියට නිරෝගී බව පතා මහා ඖෂධ පූජාව හා සුවඳ පූජාවන් කිරීමට ද අදහස් කෙරෙන බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.