Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අචිනි මංජුලා දියණියට පිහිට වී ඇයගේ ජීවිතයට ආලෝකයක් වෙමු

බදුල්ල , පස්සර පාරේ, 7 කණුව පැල්ගහතැන්න ගමේ පදිංචි එච්.එම්. විජේසූරිය මහතාගේ සහ එම මහත්මියගේ දියණිය වන එච්.එම්. අචිනි මංජුලා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ විෂය ධාරාව යටතේ පළමු වසර ශිෂ්‍යාවකව සිටිය දී 2007 වර්ෂයේ අවසාන භාගයේ දී පෙන්වන ලද රෝග ලක්ෂණ අනුව කරන ලද පරීක්‍ෂණ තුළින් ඇයගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව වෛද්‍යවරු විසින් නිගමනය කරන ලදී.

ඉන් අනතුරුව ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ අතර, මේ වන විට සතියකට තෙවරක් රුධිරය පිරිසුදු කිරීමේ කටයුතු සිදුකරනු ලබන හෙයින් ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සඳහා මහනුවර රෝහල ආසන්නයේ කුලියට ලබාගත් ස්ථානයක දැනට නැවතී සිටී.

ඇය වෙත වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා ඇයගේ මව අදාල පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වූ අතර, පසුගිය මැයි මස අවසාන සතියේ අදාල බද්ධ කිරීම සඳහා කටයුතු සැලසුම් කරන ලද නමුත් අවසාන මොහොතේ මවගේ වකුගඩුව බද්ධ කිරීම නුසුදුසු බව වෛද්‍යවරු විසින් නිගමනය කරන ලදී.

එම නිසා හැකි ඉක්මණින් ඇයට වෙනත් වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. එහෙයින් ඇය වෙනුවෙන් බී පොසිටිව් වර්ගයේ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටින පුන්‍යවන්ත ඔබ සැමගෙන් ඉතා කාරුණිකව ඒ සඳහා ඉදිරිපත් වන මෙන් ඇයගේ දෙමව්පි යෝ ආයාචනාත්මකව ඉල්ලා සිටීති.

එච්.එම්. විජේසූරිය , සේන වෙළඳ සැල , පස්සර පාර, 7 කණුව , පැල්ගහතැන්න ලිපිනය වන අතර

දුරකථන අංක :- 055 - 2226335 , 071 –8417967 වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.