Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධම්මකීර්ති ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා ආලෝක පූජාව ඉකුත් 6, 7, 8 යන තෙදින පුරා 47 වන වරටත් පැවැත්විණි. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දැක්වීය.


උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අතින් 06 වන දා ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ සමාරම්භය සනිටුහන් කෙරුණු අවස්ථාව. අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, තිස්ස කරලියැද්ද, දුමින්ද දිසානායක යන මහත්වරු ද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා ඇතුළු ආරාධිත අමුත්තෝද සේයාරුවේ වෙති.


මිහින්තලා ආලෝක පූජාව 07 වන දා විවෘත කරමින් ඊට සහභාගි වූ උතුරු මැද පළාතේ ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, ඇමැති ආර්.එම්. පී.බී. රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති දුමින්ද දිසානායක, මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ....


මිහින්තලා ආලෝක පූජාව 08 වන දා අනුරාධපුර දිසා ලේකම් එච්.එම්.කේ. හේරත් මහතා විසින් විවෘත කළ අවස්ථාව.මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරු ද මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද ඊට සහභාගි වු අයුරු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අමාත්‍ය තිස්ස කරලියැද්ද මහත්වරු සහ මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඊ.ඒ.එස්. එදිරිසිංහ, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ද ආගමික වතාවත්වල නිරත වෙමින්....


උතුරු මැද පළාතේ කථික තරගයේ කනිෂ්ඨ අංශයේ පළමු ස්ථානය හිමිකර ගත් තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර ශිෂ්‍යාවට අදාළ ත්‍යාග මුදල හා කුසලානය ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා අතින් පිරිනැමූ අවස්ථාව. සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද ඡායාරූපයේ වෙයි.


දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් රත්නපුර සුපිපි පියුමිකා විජේසිංහ ශිෂ්‍යාව ලේක්හවුස් සාමාන්‍යාධි කාරි අභය අමරදාස මහතා අතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් පිරිනමන ලද මුදල් ත්‍යාගය හා ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් පිරිනමන ලද කුසලානය ලබා ගනිමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප කිත්සිරි වනසිංහ චිත්‍රාරත්න කළුආරච්චි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.