Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ පොසොන් පොහොය විකාශය සම්බෝධි විහාරයේ සිට

බෞද්ධයා රූපවාහිනියේ සජීව පොසොන් පොහොය විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැදුරේ සිට විකාශය කැරේ.

පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම කැනඩාවේ මොන්ට්‍රියෙල් භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි, 8 – 8.45 ධර්ම දේශනාව, මාන්කඩවල සුදස්සන හිමි, 9 – 10 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත ලග්ගල කල්‍යාණවංශ හිමි 10 – 11 ධම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නාහිමි ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති අග විනිසුරු ධුරන්දර සරත් එන්. සිල්වා මැතිතුමා. 11 – 11.30 සම්බුදු පූජාව පොතුවිල ධම්මරතන හිමි, පස්වරු 12.30 – 1 මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘත්‍රිම පාද පිරිනැමීම. 1 – 2 දම්සක් පැවතුම් සූත්‍රය, කළුබෝවිටියන ගුණානන්ද හිමි, 2 – 3 ධර්ම දේශනාව, උයන්වත්තේ ඤාණාලෝක නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව වතුරගම නන්දසිරි හිමි, 4.30 – 5.30 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය, මිගරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.