Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මොරටුවේ ගංගාරාමයේ පින්කම්

මොරටුව ගංගාරාම මහා විහාරයේදී පොසොන් පෝදා දවස පුරා වැලිගම අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සීල සමාදාන ධර්ම දේශනා, ලේ දන්දීමේ පින්කම්, අභයදාන පින්කම්, දිළිදු අයට ආධාර කිරීමේ වැඩසටහනක් ඇතුළු පින්කම් රැසක් සිදු කැරේ.

රණවිරුවන් සිහිකර එදින සවස 5ට විශේෂ උත්සවයක් රත්මලානේ සිද්ධාර්ථ නාහිමියන්ගේ මූලාසනයෙන් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.