Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පඬුවස්නුවර පුණ්‍ය භූමියේ දී අසදෘශ මහා දාන පුජාවක්

පඬුවස්නුවර ඓතිහාසික පූජා භූමියේදී අගෝස්තු මස 29 සහ 30 යන දිනවලදී අසදෘෂ මහා දානමය පින්කම් මාලාවක් විහාරාධිපති ධර්ම කීර්ති ශ්‍රී පියරතන සද්ධර්ම වාගීශ්වර ධර්ම විශාරද පණ්ඩිත උහන්ගොඩ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට සංවිධානය කර ඇත.

ඒ අනුව අගෝස්තු 29 වනදා රාත්‍රී දේවාරාධනාව සහිත බෝධි පුජාවද පංචතූ®ර්ය නාදය සමග පාත්‍රා 100 ක ගිලන්පස පූජාව ද සර්ව රාත්‍රික පිරිත් දේශනාවද අගෝස්තු 30 වනදා අළුයම පංචතූ®ර්ය නාද සමග පාත්‍රා 100 කින් යුතු මහා ගවපාන භෝජන බුද්ධ පූජාව පැවැත්වීමද විහාරාරාම 54 ක් වෙනුවෙන් වන ආවාස පරිහරණය සඳහා අවශ්‍ය භාණ්ඩ උපකරණ එම විහාරාධිපතීන් වහන්සේලා වෙත පූජා කර සඟ සතු කිරීමේ දානමය පින්කමද දවල් 108 නමක් විෂයෙහි අටපිරිකර සහිත මහා සංඝගත දක්‍ෂිණාවද පිරිනැමේ.

සවස රටටත් ජනතාවටත් සෙත්පතා දේව පූජාවද බැතිමතුන් සඳහා 30 වනදා දිවා රාත්‍රී බත් දන්සැලක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.