Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අනුරාගොඩ, පැපියලවෙල අංක 231/ඒ ලිපිනයේ පදිංචි 29 හැවිරිදි චම්පිකා ශිරෝමි හපන්ගම මෙනවිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, ඇයට ඉක්මනින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත්, කොළඹ ජාතික රෝහලේ වකුගඩු අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.ඇය සුවපත් කර ගැනීම පිණිස වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම්, ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 0773889781, 0715881605 හෝ 0773187076 වෙත දැනුම් දෙනමෙන් ඉල්ලා සිටී.

අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ද වැය කිරීමට සිදුව ඇති හෙයින් ලංකා බැංකුවේ පූගොඩ ශාඛාවේ අංක 189628 දරන ගිණුම වෙත උපකාර කරන්නැයිද ඉල්ලා සිටී.


උහුමීය, නවගම්ගොඩ වතුයායවත්ත අංක 51 හි පදිංචි කේ.එන්. කරුණාතිලක මහතාගේ වකුගඩු අක්‍රීයවෙමින් පවතින බවත් ඒ මහතා සුවපත් කිරීමට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි මහනුවර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. එබැවින් අදාළ ලේ වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් අපේක්‍ෂා කැරේ. 0375670864 හෝ 0719373075 දුරකථන වෙතින් වැඩිවිස්තර දැන ගත හැකි බවද කියයි.


මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි පාසලේ 10 වසර ඉගෙනුම ලබන උදය ළහිරු විජේරත්න සිසුවා දරුණු පෙනහලු ආබාධිත රෝගයකින් පෙලෙන බව කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එම රෝගය සුව කිරීම සඳහා හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු අතර ඒ සදහා විශාල මුදලක් වැයවන බවද කියයි. එපමණ මුදලක් වැය කිරීම සඳහා තමන්ට හැකියාවක් නොමැති බැවින්, එම මුදල සොයා ගැනීම සඳහා හැකි පමණින් උපකාර කරන ලෙස එම රෝගී සිසුවාගේ පියාවන සුනිල් විජේරත්න මහතා ඉල්ලීමක් කරයි. මහනුවර කොමර්ෂල් බැංකුවේ ඒ මහතාගේ 8040050579 දරණ ගිණුම් අංකයට මුදල් බැර කිරීමට හෝ 0776441753 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමනය වේ. එම රෝගියා සුවපත් කර ගැනීම සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 0777806094 හෝ 0773823909 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


මහනුවර අංක 56 ගුරුදෙණියපාර අම්පිටියේ පදිංචි ආර්.එම්. එස්.කේ රණතුංග මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ වකුගඩුවක් ඇයට බද්ධ කළ යුතු බවයි.දූවරුන් දෙදෙනකුගේ මවක්වන රණතුංග මහත්මියට බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් දුරකථන අංක 081 - 2235358 ට හෝ ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස රණතුංග මහත්මිය ඉල්ලා සිටියි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.