Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහ පෙරහර චාරිත්‍රානුකූලව ජුනි මස 7 වනදා පැවැත්වේ. සිරිත් පරිදි පෙරහර මෙදින සවස ශ්‍රී දළදා මාළිගාව මහවහල්කඩ අබියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කෙරේ.

ශ්‍රී දළදා මාළිගාවේ අලි ඇතුන් පහළොස් දෙනෙක් පමණ සහභාගි වන පොසොන් මහ පෙරහර ආරම්භ කිරීමට පළමුව මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු අවසන් කරමින්, උපසම්පදා පෙරහර දෙකක් ශ්‍රී දළදා මාළිගාවෙන් මල්වතු අස්ගිරි මහා විහාර දෙක වෙත ගමන් කෙරේ. වාහලනාග නාමයෙන් මෙදින උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලබන උපසම්පදා අපේක්‍ෂක සාමණේර දෙනම මෙම උපසම්පදා පෙරහරේ මහා විහාර කරා වැඩම වා ගෙන යෑමෙන් අනතුරුව උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකෙරෙනු ඇත. වෙසක් පෝයදායින් ආරම්භ කරන ලද උභය මහා විහාරයේ උපසම්පදා විනය කටයුතු ද මෙදින අවසන් වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.