Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගම වල්පොල පොසොන් පෙරහර 6 දා

රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරාස්ථානය කේන්ද්‍ර කොටගත් ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය මගින් අසූ එක් වන වරටත් පවත්වන ඓතිහාසික පොසොන් මහා පෙරහර ,ජුනි 6 වන දා මෙවරත් අත්‍යාලංකාරයෙන් පැවැත්වෙයි. 1928 දී පළමුව ඇරැඹුණු එම පෙරහර වසරෙන් වසර නවාංග එකතු වෙමින්, මේ වන විට මහජන ප්‍රසාදය දිනාගෙන මහ පෙරහරක් බවට පත්ව ඇත. එම පෙරහර උඩරට, පහතරට , සබරගමු සංස්කෘතිකාංගවලින් හා අලි ඇතුන්ගෙන් සමන්විත දර්ශනීය හෙරහරකි.

පණ්ඩිත කළුගල සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පෙරහරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ පූර්ණ අනුග්‍රහය ද ලැබෙන අතර ජාඇළ ප්‍රාදේශීය සභාව, නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, පාසල්, දහම් පාසල් සහ ස්වේච්ඡා සංවිධාන වලද අනූපමේය සහයෝගය ලැබෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.