Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හෑගොඩ ඉන්දසාර නා හිමියන් ඇතුළු අරන්තලාවෙදි ඝාතනය කැරුණු හිමිවරුන් සැමරෙයි

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් ප්‍රධාන ස්වාමීන් වහන්සේලා 31 නමක් වූ මහා සංඝරත්නය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයන්ට ලක්ව අපවත්වී ජූනි 1 වනදාට පුරා වසර 22 ක් සපිරේ. රට එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රධාන ආරක්‍ෂක ලේකම් තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමා සහ සිවිල් ආරක්‍ෂක බලකා ඇතුළු සියලු රණවිරුවන්ට සෙත් පතා තිස්පෑහනේ පිරිත් දේශනය ඉකුත් 26 වනදා ඇරඹිනි.

ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනේ ඉදිකිරීමට යෝජිත තිස්තුන් රියන් උස චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කිරිම, ජූනි 1 දා පෙරවරු 6 ට ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ දි කුල දරුවන් 31 දෙනකු සසුන් ගත කිරීම, 2 දා පෙරවරු 9 ට හෑගොඩ ඉන්දසාර නාහිමිපාණන්ගේ ප්‍රතිමාව සහිත ස්මාරකය විවෘත කිරීම, පස්වරු 3 ට ගුණ සමරු උත්සව සභාව අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ දී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.