UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජ සබඳතා සාර්ථක වීමට නම්.....
 

දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ

සමාජයෙහිත් සමාජ ක්‍රියාකාරිත්වයෙහිත් ආරම්භක ස්ථානය පුද්ගලයා හා පුද්ගල ක්‍රියාකාරිත්වය ලෙස පිළිගන්නා බුදුසමය නිරන්තරයෙන්ම පුද්ගලගත ක්‍රියාකාරීත්වය අරබයා අන්‍යයන් විෂයෙහි හිතානුකම්පීව කටයුතු කිරීම හා අන්‍යොන්‍ය සමූපකාර පැවැත්ම අනුමත කර ඇත්තේ යහපත් පරමාදර්ශී සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ දී හා ඒවා මැනවින් පවත්වාගෙන යෑමේදී අන්‍යයන්ගේ් පුද්ගල චරිත ස්වභාවය හා ආවේණික යම් යම් ගති සිරිත් නිසා චිත්ත ආවේගයන්ට නතුවීම මගින් එම සමාජ සම්බන්ධතාවයන් බිඳී යෑමෙහි ඉඩකඩ බහුල බැවිනි.

අනුජානාමි භික්ඛවෙ ආචාරියන්ති ආචාරසම්මාර භික්ඛා පනකං ආවරියං අනුජානාමි’ (සමන්තපාසාදිකා) එමගින් සමාජ සම්බන්ධතා ගොඩනැගීමේදී හා පැවැත්වීමේදී එක් පාර්ශ්වයක් අතින් සිදුවන හා සිදුවිය හැකි ඉතාමත්ම සුළු සුළු අඩුපාඩුකම් නො සලකා හැර අනෙක් පර්ශ්වය දෙස දයානුකම්පාවෙන් බැලීමට හැකියාව ඇති පුද්ගලයින් කොට්ඨාසයක් බිහිකිරීම මෙම දර්ශනයෙහි පදනම ලෙස සැලකේ. ‘ඔවදොති අනොතිණ්ණෙ වත්ථූස්මිං ඉදං කරොහි. ඉදං මා කරිත්‍ථාති වචනං අනුසානීති ඔතිණ්ණෙ වා අනොතිණ්ණෙවා පඨමං වචනං ඔවාදො පුනප්පුන වචනං අනුසානීති’ (සමන්තපාසාදිකා) සමාජ සම්බන්ධතා සාර්ථක අයුරින් පවත්වා ගැනීමට නම් පුද්ගලයා හා සමාජය යන පැති දෙකම අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් හා වගකීම් යන දෙඅංශයෙන් සමබර පැවැත්මක් ඇතිකරගත යුතු වේ.

පුද්ගල හා සමාජ සම්බන්ධතාවයන්හි ගෞරවණීය ස්වභාවය සෙනෙහස දයාව හා සුරක්ෂිත කිරීමට සාරධර්ම භාවිතා වීම අවශ්‍යම වූ දෙයකි. (මහාවග්ග පාලි) සාරධර්මවලින් පරිබාහිරව සිදුකරනු ලබන පුද්ගල සම්බන්ධතාවයක් හෝ සමාජ සංවර්ධනයක් අර්ථ සම්පන්න නොවේ. සාරධර්මවල අර්ථය රඳා පවතින්නේද එය පුද්ගල සම්බන්ධතාවය ඉක්මවා සමාජ සම්බන්ධතාවය කරා යොමු වන අවස්ථාව තුළදීය. පුද්ගල සම්බන්ධතාවයන්හි දී සාරධර්ම භාවිතා නොවන බවක් මෙයින් අදහස් නොවේ. පුද්ගල සම්බන්ධතාවල දී භාවිතා කෙරෙනුයේ සාරධර්මවල පටු ස්වරූපය වන අතර සමාජ සම්බන්ධතාවල දී එහි පුළුල් ස්වරූපය භාවිතයට ගනු ලබයි. ‘අනුජානාමි භික්ඛවෙ කත්තෙන භික්ඛුනො පටිබලෙන පංච වස්සාති නිස්සාය වත්‍ථු අඛ්‍යත්තෙන යාවජීවං’ (මහාවග්ගි පාලි)

සාරධර්ම බෙහෙවින් පුළුල් මානුෂික ශාක්‍යතාවයකින් සමන්විත සංකල්පයක් වන අතර ප්‍රජානන, ආවේදන, චර්යාමය, ඥාන විභාගීය හා සමාජමය වැනි පැතිකඩ ගණනාවකින් සමන්විත වූවකි. මේ හේතුව නිසාම සාරධර්ම සෙසු සංකල්පවලට වඩා සමාජමය සම්බන්ධතාවයන් කෙරෙහි වැඩි වශයෙන් දායකත්වයක් සැපයිය හැකි හා සපයන්නා වූ සංකල්පයකි. සත්‍ය වශයෙන්ම සමාජ සම්බන්ධතා ඇරඹීමේදී ගොඩනගා ගැනීමේදී වර්ධනය කිරීමේ දී පවත්වා ගැනීමේදී සාරධර්මවල යථෝක්ත විවිධ පැතිකඩ විවිධාකාරයෙන් දායකත්වයක් ඒ පිණිස සපයනු ලබයි. සාරධර්මවල ප්‍රජානන පැතිකඩ සමාජ සම්බන්ධතාවයන්හි ආරම්භක ස්ථානයයි. මූලිකවම මිනිස් මනසෙහි උපදින දයාවන්ත ආකල්ප ජනනය වන්නේ හා අවබෝධකරගනු ලබන්නේ ප්‍රජනනය හේතුවෙනි. සාරධර්ම අන්‍යයන් කෙරෙහි ඇතිකර ගැනීම මෙන්ම අන්‍ය පුද්ගලයන් තමා වෙත දක්වන සාරධර්ම මැනවින් වටහාගෙන ඒ අනුව ඔවුන්හට ප්‍රතිචාර දැක්වීම ද සිදුකරනු ලබන්නේ සාරධර්මවල ප්‍රජානන පැතිකඩ සමාජමය අංශයෙන් ක්‍රියාත්මක වීමෙහි දීය. පඨමාපත්තිකා : පඨමං ව්තික්කමණෙ යෙව ආපජ්ජිතබ්බො ති අ‍ෙත්‍ථා... යාව තතියෙ සමනුභාසනෙ කම්මේ හොන්තීති යාවතතියකා’ (සමන්තපාසාදිකා) එමෙන්ම මූලිකවම තම සිතෙහි අන්‍යයන් වෙනුවෙන් හටගනු ලැබු සාරධර්ම තව තවත් වර්ධනය කර ගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ හා සෙසු පැතිකඩවන ආවේදන, චර්යාමය, ඥාන විභාග හා සමාජයමය පැතිකඩ ඔස්සේ දයාවන්තත්වය වර්ධනය කර ගැනීම උදෙසා අදාළ එක් එක් පැතිකඩ අතර සමායෝජන කාර්යභාරය මැනවින් ඉටුකරනු ලබන්නේද සාරධර්මවල ප්‍රජානන පැතිකඩ ආධාරයෙනි. ‘සංඝො ආදිහිවෙච සෙසෙ ච ඉච්ජිතබ්බො අස්සානි සංඝාදිසෙසො’ (සමන්තපාසාදිකා)

ආවේදන පැතිකඩ මඟින් සාරධර්මවල ආවේගශීලි බව හෙවත් හැඟීම් ජනනය කිරීමේ හා එය ඉස්මතු කිරීමේ අවස්ථාව උදා කරනු ලබයි. සාරධර්ම පාදක කරගෙන ඇතිවන ආවේගයන් ඉතාමත්ම සියුම් මටසිලිටි ආවේදනයන් වන අතර එය ඉතාමත්ම සැහැල්ලු සිත නිවාලන සුළු ආවේදනයන් වේ. සාමාන්‍යයෙන් අප සෙසු ආවේදනයන් මඟින් සිදුකරනු ලබන භාවාත්මක පක්ෂය කළඹන සුළු ස්වභාවය වෙනුවට මෙයින් සිදුවන්නේ් සිත එකඟ බවට පත්කිරීම පමණි.’

යථා රූපඤ්ච ඛො සාරිපුත්ත, දිට්ඨ පට්ලාභං සෙවතො අකුසලා ධම්ම පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩන්ති. එවරූපො දිට්ඨිපට්ලාහො සෙව්තබ්බො’ (අ. නි 11 සබ්‍රහ්ම සුත්ත) එම හැඟීම් හා භාවයන් මතුකිරීම උද්දීපනය කිරීම මඟින් සමාජයෙහි එක් එක් පුද්ගලයන් අතර ඇතිවන භාවමය තත්ත්වයන් මුල් කරගන්නා ලද සහෝදරාත්මක මෙන්ම දයාවන්ත හැඟීම් ජනනය කරනු ලබයි. තමාට මෙන්ම සෙසු සමාජයෙහි වෙසෙන්නා වූ ඕනෑම පුද්ගලයෙකු අරභයා සිතෙහි ජනනය වන පී‍්‍රතිය හට ගැනීම සඳහා සාරධර්මවල අවේදන පැතිකඩ පුද්ගලයෙකුහට මහත් සේ උපකාරිවත් වේ. ‘බ්‍රහ්මාති භික්ඛවෙ මාතා පිතුන්තං එතං අධිවචනං (අ.නි. 11, සබ්‍රහ්ම සුත්ත) එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් පිරිසකගේ ද සිත්හි එම කරුණ අරභයා දයාවන්ත ආකල්ප ඇතිවීමට ධනාත්මක වශයෙන් ඇති සම්භාවිතාව ඉතාමත්ම අධික බැව් පැහැදිලිය. සමාජයෙහි වෙසෙන්නා වූ අන්‍ය පුද්ගලයන් කෙරෙහි දයාවන්ත ආවේදන වලින් සමන්විතව කටයුතු කරන්නා වූ පුද්ගලයෙකුගේ සිතෙහි තව තවත් එම සිතිවිලි රෝපණය වී එම පුද්ගලයාගේ පමණක් නොව ඔහු සමග කටයුතු කරන සෙසු අයගේ්ද සිත් සතන් නිවී සැනහී යන්නේ බොහෝ සැහැල්ලු ආකාරයෙන්වීම සාරධර්මවල ප්‍රබලත්වය මොනවට ඉස්මතුකොට පෙන්වන අවස්ථාවකි.

වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය

පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]