Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා ශ්‍රාවිකා ස්ථූපයේ නිදන් උත්සවය 28 දා

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි මහා ශ්‍රාවිකාවන් වහන්සේලා වෙනුවෙන් ඉදි කරගෙන යනු ලබන මහා ශ්‍රාවිකා ස්ථූපයෙහි සතරැස් කොටුවෙහි ලෝහයෙන් සාදවන ලද අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේලාගේ පිළිම වහන්සේ මැයි මස 28 වන ගුරු දින පෙරවරුවේ නිධන් කිරීමට කටයුතු යොදා ඇත. ඒ නිමිත්තෙන් 27 වනදා සවස 6.00 ට අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේලා වෙනුවෙන් ගිලන්පස අසූ මහා ශ්‍රාවිකා පූජාවක් කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින් පවත්වනු ලැබේ. 28 වන ගුරු දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්‍ෂීරපායාස අසූ මහා ශ්‍රාවිකා පූජාවක් බෝගොඩ ඉන්ද්‍රවිමල හිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.