Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහරගම සිරිවජිරඤාණ දහම් පාසල් සිසු සිසුවියන් දෙමාපියන් සහ සී/ස ශාසන සේවක සමිතිය මගින් පොළොන්නරුව දිඹුලාගල ශාසනාරක්ෂක මණ්ඩලයෙහි පිහිටි දහම් පාසල් කීපයක සිසු සිසුවියන්ට ගුරුවරුන්ට හා දෙමාපියන්ට තෑගි බෝග පිරිනැමීමක් සහ ඔවුන් අධ්‍යාපන චාරිකාවක නිරත කරවීමක් සිදු කැරිණි. දහම් පාසල් සිසුවියකට පාසල් උපකරණ ඇතුළත් තෑගි පාර්සලයක් එම අවස්ථාවට වැඩම කළ අහංගම ආනන්ද නාහිමියන් විසින් ලබාදුන් අවස්ථාව මෙහි දැක්වේ. තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමියෝ ද , කිතලගම හේමසාර නාහිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය - මහරගම ටී.ඩී. සිරිසේන

සදහම් සිත්මල් යාය 2 එළිදකී
ප්‍රකට ලේඛිකාවක වන තනුජා ධර්මපාල විසින් සංස්කරණය කළ ‘සඳහම් සිත්මල්යාය - 2’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී එහි මුල් පිටපත ලේඛිකාව විසින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව මේ ඡායාරූපයෙන් දැක්වේ. සිත්මල්යාය 2 කෘතිය සෙනරත් ප්‍රකාශනයකි.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.