Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලාවේ මේධානන්ද හිමියෝ අධි සිල් ලබති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ඓතිහාසික සැඟෑලෙන රාජ මහා විහාරස්ථානය හැවැන්පොල සුභද්‍රොදයාරාම යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී වයඹ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විමලකීර්ති ශ්‍රී සිද්ධාර්ත තිඹිරිවැවේ සොභිතාභිධාන නාහිමියන්ගේ සහ කුඹල්ලංගොඩපිටිය විහාරාධිපති දොඩම්ගස්ලන්ද ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති පොළොන්නරුවේ රතනජෝති හිමියන්ගේ ශිෂ්‍ය දැනට කු/ ශ්‍රී විජය මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනය හදාරණ තලාවේ මේධානන්ද පොඩි හාමුදුරුවෝ ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී මෙම 17 වන ඉරුදින අධිසිල් ලැබීමට නියමිතය. උන් වහන්සේ අනුරාධපුර තලාව පදිංචි ටිකිරිරාල රාජකරුණා ජයකොඩි සහ හේවාපතිරණගේ විමලාපතිරණ යන දෙපලගේ පුත්‍ර රත්නය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.