Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුදොවුන් පියරජ සිතුවිලි ගීයකට නැඟෙයි


ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි

ලෝකයේ විශිෂ්ටතම පිය පුතු සබඳතාව වන සිදුහත් පුත් කුමරුන් පිළිබඳව සුද්ධෝදන පියරජතුමාගේ හැඟීම් ගැන කියැවෙන ගීතයක් පසුගිය දා එළි දැක්විණ. ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියන් විසින් ලියන ලද එම ගීතය ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් විසින් ගායනා කැර තිබේ.

එම ගීතය මෙසේ ය.

කෙසේ බලන්න ද යසෝදරා      වත
ගලයි අඳුර හා කඳුල කිඹුල්      වත
කොහි ද ගියේ අප හැර දා මා පුත
නැද්ද අනේ යළි එන්නේ අප   වෙත

මවු සෙනෙහස අඩුවක් නොදැනෙන්නට
සිදුහත් පුතු ළඟ මා සිටියා
රාහුල පුතුවත් නැත අද මා ළඟ
මට නුහුරුයි මේ අබිනික්මන්

සක්විති රජකුට මැවූ මාලිගා


වික්ටර් රත්නායක


බිඳ වැටුණා රජ සැප පල නෑ
වැටහේ මට දැන් සංසාරේ
මම එමි බුදු පුතු ගිය පාරේ

 

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.