Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රණවිරුවන්ට සෙත්පතා පිරිත් දෙසුමක්

උත්තරීතර කාර්යයක් ඉටු කරමින් දිවි හිමියෙන් කැප වී සිටින අපේ වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිරිත් දේශනාවට තුන් දහසක් පමණ මහ සඟරුවන සහභාගි වූහ. එම අවස්ථාවට ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමි ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු මහ සඟරුවන සහභාගි වූහ.


අලංකාර ලෙස නිමැවුණු පිරිත් මණ්ඩපය


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතුක කරඬුව වැඩම කරවූ අවස්ථාව


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සධාතුක කරඬුව වෙත ගිලන්පස පූජා කළ අයුරු


ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා


පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැඩම කළ පූජනීය මහ සඟ රුවනින් කොටසක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිත් දේශනය ශ්‍රවණය කළ අයුරු. - ඡායාරුප සුදත් මලවීර

 

 

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.