UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හිඟුරක්ගොඩ, පුළතිසිගම අංක 7 නිවසේ පදිංචි සිව්දරු මාතාවක වූ ඒ.එම්. යශෝ මැණිකේ (අවු. 50 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇය සුවපත් කිරීමට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය මතයයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0718049690 හෝ 0713395769 දුරකථන අංකයන්ට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

***

මාතර මහ රෝහලේ හෙදි නිලධාරිණී රම්‍යා ගමගේ මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ වෛද්‍ය ඒ.ඩබ්.එම්.වසීල් මහතා නිර්දේශ කැර ඇත. දරු තිදෙනෙකුගේ මවක වන ඒ මහත්මියට ‘බී පොසිටිව්’ හෝ ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලි හිමි නමක් හෝ වෙනත් අයෙකු සිටී නම් පහත දුරකථන අංකයට හෝ ලිපිනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. එස්. ඩබ්. දසනායක , 05 , තිසර උයන, ලැබීම, කඹුරුගමුව . දු.ක. අංකය :-060 -2491059 වේ.

****

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සේවයේ නියුතු හෙද නිලධාරිනී කේ.යූ. වී. ධර්මසේන මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පීඩා විඳිමින් සිටින්නීය.

ඇයගේ ජීවිතය බේරාගැනීමට නම් හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර තිබේ. ඇයට “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පින්වතෙකු හෝ පින්වතියක සිටීනම් පහත දුරකථන අංකයට හෝ ලිපිනයට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටියි.

දුරකථන අංකය :- 071 -4901200

කේ.යූ.වී. ධර්මසේන මිය, 44/1 ඒ , හීනටිකුඹුර පාර, තලංගම උතුර, බත්තරමුල්ල ලිපිනය වේ

***

දෙහිවල , සිරිවර්ධන පාර, 28/4 ඒ නිවසේ පදිංචි 56 වියැති කේ.එම්.අමීන් නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාගශීලි හිමිනමක් හෝ ගිහි පින්වතෙක් සිටී නම් ඉහත ලිපිනයට හෝ 011 - 2722537 , 077- 4698752 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

***

අවුරුදු 58 ක් වයස ඇති දෙදරු පියකුට “ ඕ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම්දෙන මෙන් ඉල්ලීමක් කැරේ. දු.ක. :- 011 - 2578833 , 071 - 6877091 - දුෂාන්ත

***

නුගේගොඩ චැපල්ලේන් අංක 25 නිශ්ශංක ගුණවර්ධන දරුණු වකුගඩු රෝගියෙක් බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “බී පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

තිදරු පියෙකු වන ඒ මහතා ගේ දරුවන් පාසල් යන වියේ පසුවන බවත් සැමියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ බී පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 0772016051 දුරකථනයට දන්වන්නැයි ටී.ගුණවර්ධන මහත්මිය ඉල්ලීමක් කරයි.

***

පොල්ගස්ඕවිට වත්තේගොඩ බණ්ඩාරනායකපුර අංක 193/3/බී පදිංචි ඩී.එම්. අබේසිංහ මහතා (42) අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් කඩිනමින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහාචාර්ය ආර්.ෂෙරිෆ් මහතා නිර්දේශ කර ඇත.

ඔහුට අවශ්‍යව ඇත්තේ බී පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවකි. මෙම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කැරේ.

ඔහුගේ දුරකථන අංකය 0777 - 358727 වේ. බැංකු ගිණුම් අංකය කොට්ටාව මහජන බැංකුවේ 32820010369- 4658 වේ.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]