UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් පෝදා පින්කම්

පිදෙන උතුම් බැති මල් භගවත් හිමි නමට...


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක් පෝදා වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේය. පෝදා පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව වැලිමඩ පසන්නමානස හිමි, 8 - 9 භාවනාව හක්මන සුමනසිරි හිමි, 9 - 10 ධර්ම දේශනාව බෙලිදෙණියේ සිරිධම්ම අනු නාහිමි 10 - 11 අභිධර්ම කථාව -අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා , 11 - 11.15 බුද්ධ පූජාව - බියගම කමලධම්ම හිමි, බොරලැස්ගමුවේ පදුම හිමි, පස්වරු:- 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ - කඹුරුගමුවේ සුමේධ හිමි, අම්පිටියේ සද්ධාවාස හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව - උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 ධර්ම දේශනාව - කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 3 - 3.45 ධම්ම දේශනාව - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමි , 4 - 5 ධම්ම දේශනාව, බොරැල්ල අතුලදස්සන විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමි, 5 - 6 ධම්ම පදය පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව -මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වෙසක් පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ.

මෙදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව බෞද්ධ කොඩි 200 කින් කිරිවෙහෙර චෛත්‍යය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළදවීම සිදු කෙරේ.

කිරිපිඩු දානමය පෙරහර පැවැත්වීමෙන් පසුව භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේද අනතුරුව උදේ ධර්මදේශනාව පේරාදෙනිය උපේක්‍ෂා වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගොඩගම සිරි සුබානුදස්සි නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ. විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසැලේ ඔසුපැන් දන්සැල දවස පුරා ප්‍රධාන වාසල් දොරටුව අබියස සිදුකරණ අතර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් කිරිවෙහෙර චෛත්‍ය මලුවේ සිට මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධිපූජා පිංකම පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට හා රණවිරුවන්ට සෙත්පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පුජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් කළුතර බෝධි පරිශ්‍රයේ දී වෙසක් පෝදා පවත්වනු ලබන සීල සමාදාන වැඩ සටහන මෙසේ ය. පෙරවරු 06.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව, හා බුද්ධ පූජාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11.15 ධර්ම දේශනය කළමුල්ලේ ජිනරතන නා හිමි, 11.20 – 11.25 අභය දාන පින්කම පිළිබඳ අනුශාසනාව පළතොට පඤ්ඤානන්ද හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය කහගොල්ලේ ආරන්‍යවාසී සෝමවංස හිමි, 3 – 4 ධර්ම දේශනය මඩවල ධම්මික ජිනවංස හිමි, 4.15 – 05.30 විශේෂ දේශනය ධර්ම මාර්ගය, ටී.ජී. සුමතිපාල මයා, 5.45 –7.00 දේශනය ශේන් බ්ලොක් මහතා 7 –8 ධර්මාචාර්ය ගාල්ලේ කේ. පරණවිතාන මහතාගේ නව අරහාදී පහන් පූජාවෙන් ආගමික වැඩසටහන නිමාවේ


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී සීල භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක් වෙසක් පුර පසළොස්වක පොහෝ දා සහ ඊට පෙර දිනද පසු දිනද ජයශේඛරාරාමාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ලේ දන්දීමේ මහා පින්කම පැවැත්වේ. තෝරාගත් පිරිසකට සිල් රෙදි පිරිනැමීමද සිදුකෙරේ. උදෑසන 5ට ආනන්ද මාවතේ සිට කිරිපිඬු සම්බුද්ධ පූජාව රැගත් පෙරහැර 6.00 ට විහාරස්ථානයට ළඟාවීමට නියමිතය.

6.00 - 6.30 පෙහෙවස් සමාදන්වීම හා කෙටි අනුශාසනාව ජයශේඛරාරාමාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8 - 9 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 ධර්ම දේශනාව රජවත්තේ වප්ප හිමි, 10.15 - 11 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස උපාසික මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00 - 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3.00 භාවනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි 3.15 - 4.15 ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි , 4.30 - 5.30 ධර්ම දේශනාව බෝගහවැව රතන හිමි, 5.30 - 6.30 ධර්ම දේශනාව ආරිය දේව හිමි, 6.30 සිල් පවාරණය තලල්ලේ මහින්ද හිමි, 7.00 - 7.30 සම්බුද්ධ ගිලන්පස මල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, රාත්‍රි ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි මෙහෙයවයි.


සංකල්ප විහාරයේ වෙසක් සතිය පුරා පින්කම්

පිළියන්දල, මාකන්දන, වැලිතොටුව වත්ත ‘සංකල්පගම’ සංකල්ප විහාරයේදී පින්කම් මාලාවක් පැවැත්වීමට සංකල්ප විහාරාධිපති හා කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. වෙසක් දින සිට පුරා සතියක් උදෑසන 5 ට කිරි ආහාර අටවිසි බුද්ධ පූජාවන් පස්වරු 6 ට අෂ්ඨපාන චතුමධුර ගිලන්පස බුද්ධ පූජාවන් පැවැත්වේ.

වෙසක් දින පෙරවරු 6 ට සිල් වැඩසටහන ආරම්භ වන අතර මෙම සිල් වැඩසටහනට දැල්තර ඤාණසිරි හිමි, තපෝවනයේ අරියධජ හිමි, දේවහුවේ චන්දිම හිමි, කහපොල නන්දරතන හිමි, දැල්තර සුගතසිරි යන හිමිවරුන් ගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ඇතුලත් වේ.


වැල්ලවත්ත

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ වෙසක් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. 6 – 7 සීල සමාදානය, අනුශාසනාව හා භාවනාව මහරගම මහින්ද හිමි, 7 – 8 ආහාර බුද්ධ පූජාව, 8 –9 ධර්ම දේශනාව වස්සේගම නිපුන හිමි, 9 – 10 ධර්ම දේශනාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, ආරාධිත දේශනය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය 11 –12 ආහාර බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 පිරිත් සජ්ඣායනය 1 – 2.30 භාවනාව ගාමිණි පි‍්‍රයන්ත මහතා 3 – 4 ධර්ම දේශනාව අගලකඩ සිරිසුමන හිමි, 4 – 5 ධර්ම දේශනය කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, 5 – 5.30 බුද්ධ පූජාව හා සිල් පවාරණය.


පොකුණුවිට ආලෝක පූජා

සුවාසු දහසක් ධම්මස්කන්ධය දේශනා කරමින් ලෝක සත්වයාගේ මොහදුර දුරු කළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ලොව උදෙසා කැරෙන විශේෂ ආලෝක පූජාව මෙම වෙසක් පෝදා රාත්‍රී 7 ට පොකුණුවිට ශ්‍රී විනයලංකාරාමයේ හා දායක නිවෙස් දහසක සහභාගීත්වයෙන් සිදුකැරේ.


ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් දින 3 ක් ගුණදම් පිරීමේ මහා පින්කම් මාලාව මෙම 7, 8 වැනිදා සිට 9 දක්වා බෞද්ධාලෝක මාවතේ අංක 417 ශ්‍රී කල්‍යාණධම්ම ආශ්‍රමයේ දී පැවැත්වේ. වෙසක් පෝදා වැඩ සටහන මෙසේ ය

පෙරවරු 5.25 - 6.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ වන්දනාව විටියල ජයනන්ද හිමි, 7 – 8 බුද්ධ පූජාව 8.30 – 9.30 ධර්ම දේශනාව නා උයනේ අරියධම්ම නාහිමි, 9.30 – 10.30 ධර්ම සාකච්ඡා, 10.30 බුද්ධ පූජාව පස්වරු 12 – 1.00 පිරිත් සජ්ඣායනාව 1.00 –02.15 ධර්ම සාකච්ඡාව 2.30 – 3.30 ධර්ම දේශනය බොරැල්ලේ අතුල නා හිමි, 3.45 – 4.45 කෝට්ටේ දේවානන්ද හිමියන්ගේ පටිගත කළ දම්දෙසුමක් 5- 6 ධර්ම දේශනාව අධිකාරීගම සන්නසුමන හිමි, 6.15 බෝධි පූජාව පුණ්‍යානුමෝදනාව කඩවැද්දූව පේමරතන හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමය භාවනා මධ්‍යස්ථානයේ දී මෙම 8,, 9, 10 සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. මැයි 8 වෙසක් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර පෙරවරු 6. පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වේ.

පෙ.ව. 8 - 9 පොල්ගහපිටියේ සුගතානන්ද හිමියන් පවත්වන ධර්ම දේශනවක් ද 9.15 – 10.45 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද , 11 - දවල් බුද්ධ පූජාව පැවැත්වේ. පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනයෙන් අනතුරුව 1 - 2 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහනකි. 2 - 3 දාපනේ සුමනවංශ හිමියන් පවත්වන ධර්ම දේශනයෙන් පසුව 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙය වන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 - 5.30 දක්වා පැවැත්වෙන තුන්සූත්‍ර දේශන අවසානයේ සිල් පවාරණ සිදුකෙරේ. සවස 6.30 ට ගිලන් පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ. මැයි 9 වන දින අළුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වේ. 8 - 9 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනෙන් අනතුරුව 9 - 10 පණ්ඩිත ගබ්වෙල වජිර හිමියන් පවත්වන ධර්ම දේශනයකි. 10.15 - 11 කටුනායක පාරමි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයෙන් පසුව 11ට දවල් බුද්ධ පූජාව පැවැත්වේ. පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣයනයෙන් අනතුරුව 1 - 2 මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 2 - 3 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද වේ. 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙය වන ධර්ම සාකච්ඡාවෙන් පසුව 5 - 5.30 දක්වා පැවැත්වෙන තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ.

සවස 6.30 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ. මැයි 10 වන දින පෙ.ව.6.00 සිට ප.ව. 6.00 දක්වා පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලබන එක් දින භාවනා වැඩසටහනක් පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් වෙසක් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි , 8 - 9 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි 9 - 10 විශේෂ දේශනය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12 - 1 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි 1 - 2 ධර්ම සාකච්ඡාව පානදුරේ පසන්න හිමි , 2 - 3 දහම් දෙසුම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3 - 4 දහම් දෙසුම කුකුල්පනේ ඤාණසේන හිමි , 4.15 - 5 ධම්මපදය ගබ්බෙල වජිර හිමි , 5 - 6 දහම් දෙසුම හක්මන සුමනසිරි හිමි , 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ වෙසක් මස පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 06.30 – 07.30 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව විහාරාධිපති කළුතර සරද හිමි, 8.15 – 09.15 ධර්මදේශනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධාන, රාජකීය පණ්ඩිත ආචාර්ය කිවුලේගෙදර නාරද හිමි, 9.30 - 11.00 භාවනා නිලන්ත බමුණුආරච්චි මහතා, 11 බුද්ධ වන්දනාව, පස්වරු 1 – 2 පිරිත් ධර්ම දේශනා කිරීම, 2 – 3 ධර්ම දේශනය ශාස්ත්‍රපති පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි, 3.15 – 4.15 ධර්ම දේශනය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, උඩුදුම්බර ලංකානන්ද හිමි, 4.15 – 5.15 ධර්මදේශනය, ඇකිරියේ චූලාලංකාර හිමි, 5.30 – 06.30 බෝධි පූජාව සහ සිල් පවාරණය.


මාතර ආරෝග්‍ය සේවා සංගමය

මාතර ආරෝග්‍යසේවා සංගමය මෙහෙයවන දාන ශීල භාවනා වෙසක් පින්කම සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. සීල සමාදානය අනුශාසක, වලස්ගල පුණ්ණජි මයුරවංස මාහිමි 6.30 බුද්ධ වන්දනාව, කුඩාගොඩ ඥානවංශ හිමි, 8.30 ධර්ම දේශනාව , ශාස්ත්‍රපති හොරපාවිට ධම්මිස්සර හිමි, 10.30 බුද්ධ පූජාවන්දනාව , බලංගොඩ ශාන්තසිරි හිමි . පස්වරු 1.00 සෙත්පිරිත් සජ්ඣායනය පිරිවෙන් විහාරයේ හිමිවරු, 2.00 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 4 දහම් දෙසුම ශාස්ත්‍රපති පොල්හේනේ සුමනරතන හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව , ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි ,


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ වෙසක් පෝදා පින්කම් මාලාව මෙසේය. පෙරවරු 6.25 සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව , මලිදුව විමලවංශ නාහිමි, 8 , බුදුගුණ වන්දනාව - වලස්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 විදර්ශනා මාර්ගය - කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව - රොටුඹ සෝමරතන හිමි, පස්වරු

රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ක්‍ධායනාව - පහල පීක්වැල්ල පන්ථාරාම පුරාණ විහාරාධිපති මාතර පළාතේ ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණක ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණෝ ඇතුළු මහසඟරුවන , 2 - ධර්ම සාකච්ඡාව මෙහෙයවීම - මාතර සදහම් සිසිල සංවිධානය , 3 - ධර්ම දේශනාව - දිගාමඩුල්ලේ බෝධිසීහ හිමි, 4 - ධර්ම දේශනාව ශාස්ත්‍රපති පැලෑනේ සුවිනීත හිමි, 5 - සිල් පවාරනය සහ පුණ්‍යානුමෝදනාව ගොඩගම


හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේදී විශේෂ වෙසක් පහන් පූජාවක් වෙසක් පුර පෝදා විහාරාධිපති විහාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 8- 9 දෙදින පුරා සිංහගිරි විහාර භූ®මියේ වෙසක් කූඩු වලින් අලංකාර කරන අතර සවස 6.00 සිට පසුදා උදෑසන 06 දක්වා මැටි පහන් දෙදහසක් දල්වා සම්බුදු තෙමඟුල සමරනු ලැබේ. මෙදින සවස 4.00 ට මල් පෙරෙහර තිස්සපුර ප්‍රදේශයේ වීථි සංචාරය කෙරෙන අතර සවස 6.00 සම්බුද්ධ පූජාව සහ බෝධි පූජාව පැවැත්වේ. බොදු දරුවන්ට ධර්ම කතා පොත් ප්‍රදානය කිරීමේ උළෙලක් 9 දා සවස සිංහගිරි විහාරයේදී පැවැත්වේ. බොදු සංරක්ෂණ සභාව, සිංහගිරි දහම් පාසල සහ විහාර දායක සභාවේ අනුග්‍රහයෙන් මෙම පින්කම සංවිධානය කොට ඇත.


පොළොන්නරුව ගල් විහාරය

පොළොන්නරුව ගල් විහාරයේ දී වෙසක් පෝදා පින්කම් රැසක් සිදු කෙරේ. එදින පෙ.ව. 7.00 සිට ප.ව. 05.30 දක්වා සීල සමාදාන පින්කම පැවැත්වේ. වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පින්කමට පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩගම ශ්‍රී ධම්මානන්ද හිමි, විද්‍යාලෝක විහාරාධිපති දෙමුන්නෑවේ උපරතන නා හිමි හබරණ අභිනවාරාමාධිපති දීවිල්ලේ අස්සජි හිමි හිඟුරක්ගොඩ ජයමග පිරිවෙන්පති සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ කටුගම්පොලගම පියරතන හිමි උත්ඵලවන්නාරාමාධිපති ධම්මානන්ද මෑණියන් වහන්සේ අනුශාසනා පැවැත්වීමට නියමිතය. සවස 06.30 ට මල් පහන් බෝධිපූජාව සිදු කෙරේ.

තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල ප්‍රධාන රාජ්‍ය ආයතන සහ බැංකු ආයතන දානපති පිරිස මෙම පින්කමට දායකත්වය ලබා දී ඇත.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේ වෙසක් පොහෝදා, විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමි ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය.

පෙරවරු 05.45 – 06.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 06.30 – 07.30 සිල් සමාදන් කරවීම, කිරිපිඬු බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව, කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 08.30 – 09.30 චිත්තාභ්‍යාස පුහුණු වැඩසටහන වල්පොල අස්සජි හිමි, 09.45 – 10.45 විශේෂ ධර්ම දේශනාව, කථිකාචාර්ය ගෝනදේණියේ පඤ්ඤාරතන මාහිමි, 11.00 – 11.30 දහවල් ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි. පස්වරු 1.00 – 2.00 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 2 – 3 ධර්ම සාකච්ඡාව සහ අභිධර්ම පන්තිය, කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි 3.15 – 4.15 සක්මන් භාවනාව හා ගිහි දේශනය, කථිකාචාර්ය ආනන්ද ඩී සිල්වා මහතා 4.30 – 5.30 විශේෂ ධර්ම දේශනාව මාමඩලේ විමල හිමි, සවස 06.30 – 7.30 විශේෂ ආශිර්වාද පූජාව නරවැල්පිට අරියරතන හිමි, 09 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට විශේෂ භාවනා වැඩසටහනක් 11.00 දක්වා ඉද්දමල්ලොඩ වජිරඥාන නාහිමියන් විසින් පවත්වනු ලැබේ.


වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]