UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දෙමින්

‘බෞද්ධාලෝක වෙසක්’ මෙවර ආරම්භ වෙයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධාලෝක මාවතේ ‘බෞද්ධාලෝක වෙසක්’ මෙවරත් පැවැත්වීමට කටයුතු යොදමින් පවතී.

මැයි මස 08 වෙනිදා ශීල සමාධියට (අෂ්ඨශීලය සමාදන් කරවීම) පමණක් ප්‍රමුඛත්වය දෙන අතර, වෙනත් කිසිදු ප්‍රදර්ශනයක් එදින සිදු නොකරනු ඇත. මෙසේ ප්‍රතිපත්ති පූජාවන්හි පමණක් නිරතව ඊට පසු දින සිට සියලු ආමිෂ පූජාවන් පැවැත්වීම විශේෂත්වයක් කර ගෙන ඇත.

ඒ අනුව මැයි 09 දින සිට දිනපතා සවස 6 ට සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සිදු කිරීමට ද නියමිතය. ඓතිහාසික මහනුවර ගෙඩිගේ සිට වඩමවනු ලබන මෙම පූජනීය සර්වඥධාතුන් වහන්සේලා මැයි 09 දින අලංකාර පෙරහරකින් සම්මේලන පරිශ්‍රයට වැඩමවා අලංකාර ධර්ම මණ්ඩපයක තැන්පත් කර දින 03 ක් පුරා ජනතාවට වැදපුදා ගැනීමට අවස්ථාව උදාකර දෙනු ඇත.

තොරණ සම්මේලන භූමි පරිශ්‍රයේදී දින කිහිපයක්ම ප්‍රදර්ශනය කරනු ඇත. විවිධ රාජ්‍ය පුද්ගලික ආයතන සහ නිර්මාශිලීන් එකමුතුව ඉදිරිපත් කරන දර්ශනීය වෙසක් පහන් කූඩු රැසක් බෞද්ධාලෝක මාවතේ පාර දෙපස ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙම පහන් කූඩු නිර්මාණ සඳහා මුදල් තෑගි මෙන්ම දඹදිව චාරිකා වරම් ද උදා කරදෙනු ඇත. උදාන ගීත ‘භක්ති ගීත, ධම්ම පද ගායනා, සංස්කෘතික ප්‍රසංග ආදි විශේෂාංග රැසක් බෞද්ධාලෝක මාවතේ සම්මේලන පරිශ්‍රය ආසන්නයේ සුවිශේෂ වේදිකාවක සිට රෑ පහන්වන තුරා පැවැත්වේ. විවිධ ආයතන දහම් පාසල් රැසක් මේ සඳහා සහභාගි වීමට නියමිතය.

බෞද්ධාගම තේමාව කරගත් චිත්‍ර ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගි වන අයට මුදල් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ද සිදුකරනු ඇත. විවිධ ආහාරපාන සහිත දන්සැල් කිහිපයක් ද ඇති අතර, එය ද දින 03 පුරාම පැවැත්වේ. මෙම වසරේ ද බෞද්ධාලෝක වෙසක් සඳහා කොළඹ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය, ජාතික සිවිල් ආරක්ෂක බලකාය, ත්‍රිවිධ හමුදාව ආදිය රාජ්‍ය පුද්ගලික ආයතන රැසක් ද විවිධ දානපතීන්ද මේ සඳහා පූර්ණ දායකත්වය සහ සහයෝගය ලබාදෙනු ඇත.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]