UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව වෙසක් පින්කම්

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව 2553 වන වෙසක් උත්සව සූදානම් කර ඇත. 2553 වන බුද්ධ ජයන්තිය නිමිති කරගෙන පින්කම් බුද්ධගයා, බරණැස ඉසිපතනය, කුසිනාරානුවර, ලුම්බිණිය, නවදිල්ලිනුවරට අමතරව කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරය ආදී ස්ථානයන්හි සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වන කල්කටාවේ ශ්‍රී ධම්මරාජික විහාරයේ දී මැයි 09 දා උදෑසන සිල්සමාදන් වීම්, බුද්ධපූජා පැවැත්වීම හා ධර්මදේශනාවන්ට අමතරව සර්වඥධාතු ප්‍රදර්ශනයක් ද සිදුවේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉන්දියාවේ තායිලන්ත හයිකොම්සනර් මනෝජ් මැතිතුමා ය. කල්කටාව ආශි‍්‍රත බෞද්ධ සමාගම් 45 ක සහභාගීත්වයෙන් සවස 01.30 ට කල්කටාවේ මහත්මා ගාන්ධි සමාධියේ සිට බුද්ධජයන්ති පෙරහර ආරම්භ වී ධර්ම රාජික විහාරයෙන් අවසන් වේ.

සවස 05 ට බුද්ධ ජයන්ති ධර්ම මහා සභාව සිදුවේ. සභාවේ මුලසුන ඉන්දියාවේ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය සත්‍යපාල හිමියන් හොබවන අතර, ප්‍රධාන අමුත්තා බෙංගාලයේ සුප්‍රසිද්ධ නළු සුමිත්‍ර වට්ටෝපාධ්‍යය මැතිතුමා ය. ප්‍රධාන කථිකයා දිල්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද කුමාර් මැතිතුමා ය. බටහිර බෙංගාල රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොමසාරිස් ශ්‍රී සෘෂිකේස් සරණ මැතිතුමා විසින් හින්දි භාෂාවට පරිවර්තනය කරන ලද, “ධම්ම පදය” ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් වෙත පිළිගැන්වීම ද එදින සිදුවේ.

ශාන්ති නිකේතනයෙහි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ සහ ධර්මපාල පාසලේ ආනන්දි බැනර්ජි කුමරියගේ සංස්කෘතික සංදර්ශනයෙන් පසුව සවස 07 ගිලන්පස බුද්ධ පූජාවෙන් පසුව ධම්ම චක්ක සූත්‍රදේශනාව සිදුකෙරේ. 10 දා උදෑසන කල්කටාවේ ආරෝග්‍යශාලාවන්හි සිටින රෝගීන්ට පලතුªරු සහ වියලි ආහාර බෙදාදීම සිදුවේ.

බුද්ධගයාවේ උත්සවය 08, 09, 10 යන තෙදින සිල් සමාදන් කරවීම, ධර්ම දේශනා, පෙරහර ආදිය සිදුකෙරේ. බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පී. සීවලී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන උත්සවය වජ්‍රාසනය අභියස රටවල් 42 ක විහාරාධිපතීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුවේ. බරණැස ඉසිපතන මිගදාය මූලගන්ධකුටි විහාරයේ වෙසක් පින්කමේ ප්‍රධාන අමුත්තා බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාර හාටියා මැතිතුමාය. ලුම්බිණියේ උත්සවය දවස පුරාම සිදුවන අතර ඔරිස්සා, ලක්නව්, නවදිල්ලි නුවර ආදී සියලුම බෞද්ධ සිද්ධස්ථානයන්හි වෙසක් පින්කම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]